ශ්‍රී ලංකාවේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර යාපන නගරයට සමීප ව පිහිටි යාපනය පේදුරුතුඩුව මාර්ගයේ දී හමුවන නල්ලූර් කෝවිල හින්දු ජනයාගේ වන්දනාමානයට පාත්‍ර වන පූජනීය භූමියකි. යාපනයේ ඓතිහාසික ස්ථාන අතර නල්ලූර් හින්දු කෝවිල විශේෂ වන්නේ එහි ඇති ආගමික හා සංස්කෘතික වැදගත්කම හේතුවෙනි.
මෙය හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ සේ සැලකෙන අතර මෙරට ශිව ආගමේ ජිවය ලෙස සලකයි. සවැනි බුවනෙකබාහු රජු විසින් මුල්වරට මෙය තනවා කතරගම දෙවිඳුන් හෙවත් කන්දස්වාමි දෙවියන් නමට පූජා කළ බව සඳහන් වේ. මෙම කෝවිල ජාතීන් අතර සුහදතාව වර්ධනය කරන ස්ථානයකි. සවැනි බුවනෙකබාහු රජු නම් සයවන පැරකුම්බා රජු විසින් පුතු ලෙස හදා වඩා ගත් චෙම්බග පෙරුමාල් හෙවත් අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් නමැති කුමාරයෙකි.
යාපනයේ හින්දු කෝවිල් මෙන් ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ද ඉදි කොට ඇති ඔහු කර වූ මුල්ම නල්ලූර් කෝවිල වර්තමානයේ දි දිස්වන්නේ ප්‍රතිසංස්කරණ කිහිපයකට ලක් වීමෙනි.
නල්ලුර් කෝවිල් භූමිය ඉතා අලංකාරවත් රමණීය වටපිටාවකින් යුක්ත වේ. ලෙඩදුක් කරදර බාධක දුරුකර බැතිමතුන් පීඩනයෙන් මුදවා සරල සැහැල්ලු ආධ්‍යාත්මික සුවයක් ලබා දෙන හින්දු ආගමට ආවේණික ක්‍රම මගින් මිනිස් සිත් සුවපත් කරන ගුණයක් මෙහි පවතී. මෙම නල්ලූර් හින්දු කෝවිල සියලු ආගමික බැතිමතුන්ගේ පූජාවට මෙන් ම ගෞරවාදරයට පාත්‍ර වන්නකි.
තවත් මතයක් නම් මෙම දේවාලය මුරුගන් දෙවියන්ට කැප කර ඇති අතර යුද්ධයේ දෙවියා රණශූර දෙවියා ලෙස ද සැලකේ. ඔහු මහා ශිව සහ පාර්වතීගේ පුත්‍රයා වන අතර ගනේෂ්ගේ සහෝදරයා වේ. මෙය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රසිද්ධ පුදභූමි ගණනාවක් අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. මෙරටට පැමිණි ආක්‍රමණිකයන් විසින් වරින් වර මෙය විනාශ කර ඇති නමුත් සෑම විටම ප්‍රතිසංස්කරණය කර ඇත. මෙහි "නල්ලූර් උත්සවය" නමින් හැඳින්වෙන ජනප්‍රිය උත්සවයක් පවත්වයි. එය නගර මධ්‍යයේ පිහිටු වන අතර පිරිමින් මුරුගන් දෙවියන්ට ගෞරව කිරීම සඳහා උඩුකය නිරුවතින් කෝවිලට ඇතුල් වීම සිරිතකි.
ප්‍රථම කන්දස්වාමි කෝවිල ආරම්භ කර ඇත්තේ 1948 වසරේ දී යි. යාල්පාන වෛපවමාලෛට අනුව නම් මෙම කෝවිල 13 වන සියවසේ දී යාපනයේ කාලිංග මාඝ රජතුමාගේ ඇමතිවරයෙකු වූ බුවනෙකබාහු විසින් සංවර්ධනය කරන ඇත.
තුන්වන වරට නල්ලුර් කන්දස්වාමි කෝවිල අලුත්වැඩියා කර යාපනය රාජධානිය පාලනය කළේ සපුමල් කුමාරයා විසිනි. නල්ලුර් කෝවිල සමිපයේ රජ මාලිගාව පිහිටා ඇති අතර නල්ලුර් යාපනයේ රජවරුන්ගේ අගනුවර ලෙස හැදින්වේ. නල්ලුර් පිවිසුම ආරක්ෂිත ද්වාර හතරකින් සමන්විත ව ඇත.
වර්තමානයේ දී මුල්ම නල්ලුර් කෝවිල පිහිටි ස්ථානයේ පෘතුගීසීන් තැනූ පල්ලි පුජනිය දෙවස්ථාන දක්නට ඇත. නගර මධ්‍යය මුතිරෛ සන්ති නම් වූ අතර එය වටා බලකොටුවක් පැවතී ඇත. එහි රජවරුන් බ්‍රහ්මණ පූජකයන්, සොල්දාදුවන් සහ වෙනත් සේවා සපයන්නන් සඳහා ඉතා අලංකාර ගොඩනැගිලි සකසා ඇත. උස් බිත්ති සහිත පුරාණ කන්දස්වාමි කෝවිල ආරක්ෂක බලකොටුවක් ලෙස ද යොදා ගෙන ඇත. ක්‍රි.ව. 1624 වර්ෂයේ දී පෘතුගීසී කතෝලික යටත් විජිතයේ ඔලිවේරා විසින් තෙවන නල්ලුර් කෝවිල විනාශ කර ඇත. වර්තමානයේ නල්ලුර් කෝවිලෙහි ශාන්ත ජේම්ස් පල්ලිය පිහිටා ඇති ස්ථානයේ මුල්ම නල්ලුර් කෝවිල පිහිටා ඇත.
ලන්දේසි යටත් විජිත යුගයේ දී එකල කුරුක්කල් වලව් නම් ප්‍රදේශයක ලන්දේසි කච්චේරියේ සරප් ලෙස සේවය කල 'දොන් ජූවාන් ' රගුනාථ මාපාන මුදලියර් විසින් හතරවන නල්ලුර් කෝවිල ක්‍රිස්තු වර්ශ 1734 දී ඉදිකර ඇත. කෝවිලේ ප්‍රථම වරට පුජකයෙකු ලෙස සේවය කොට ඇති බ්‍රහ්මණයා ක්‍රිශ්නෛයර් නමින් හැදින්වේ.
ආරම්භයේ දී කෝවිල ඉදිකර ඇත්තේ ගඩොල් සහ ගල් මාධ්‍යයෙනි. එහි වහලයට පොල් අතු භාවිතා කර තිබී ඇත. මුල්ම සිද්ධස්ථානයේ තිබී ඇත්තේ කුඩා ශාලා දෙකක් පමණි. අතීතයේ කෝවිලෙහි පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ලද්දේ රගුනාථ මාපාන මුදලියර්ගෙන් පැවත එන්නන් විසින් බවට සැලකේ.
නල්ලූර් කෝවිල් ඉතිහාසයේ 'ස්වර්ණමය යුගය' ආරම්භ වන්නේ 1890 දී ය. 07 වැනි භාරකාරයා ලෙස නල්ලුර් කෝවිල් පරිපාලනය ආරුමුග මාපාන මුදලියර් විසින් අතට ගෙන ඇත. ඔහු විසින් පළමු බෙල් කුළුණ 1899 දී ඉදි කරන ලදි. පසුව අනුප්‍රාප්තිකයන් විසින් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. 1964 පසු වර්තමානයේ 10 වන භාරකරු වන කුමාරදාස් මාපාන මුදලියර් විසින් කෝවිලේ වැඩි දියුණු කිරීම් සිදු කර ඇත. මුළුමනින් ම කෝවිල් සංකීර්ණය ගොඩ නගමින් එය මෙරට තුළ විශාලතම හින්දු කෝවිල් සංකීර්ණය බවට පත්කර ඇත. වාර්ෂික චාරිත්‍රයක් වන 'තිරුප්පනි ' ඔහු විසින් හඳුන්වා දෙන ලදුව ඇත. අද වන විට කෝවිලේ ඇති ගෝපුරම් හතර, බෙල් කුලුණු හය සහ එහි ඇති බලකොටු බිත්ති නල්ලුර් සඳහා බලකොටුවක පෙනුමක් ලබා දී ඇත.
මෙම කෝවිලේ ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට මුහුණලා පිහිටා ඇත. එහි ඇති කැටයම් ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව කරවා තිබේ. මෙම කෝවිලේ දක්ෂිණ ප්‍රදේශයේ ශුද්ධ වු පොකුණ හා චන්ද්‍රයුධපානි සිද්ධස්ථානයක් ද දක්නට ඇත. උතුරු පැත්තේ 'පුන්තෝට්ටම් ' ශුද්ධ උයන දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙහි දෙමළ හින්දු ජනතාවගේ අනන්‍යතාවය සහයෝගය සදහා සමාජයීය වශයෙන් වැදගත් වූ කෝවිලකි. ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ බොහෝ කෝවිල් ඉදිකර තිබේ. කෝවිලේ පරිපාලනය දැඩි විනයගරුක බව නිසා මෙම කෝවිල බැතිමතුන්ගේ ගෞරවාදරයට සහ සම්මානයට පත්ව ඇත.
අද වන විට මේ පූජනීය භූමිය දස දහස් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වේ. ඉන්දියාවේ සිට පවා බොහෝමයක් මේ නල්ලූර් කෝවිල වැදපුදා ගැනීමට පැමිණෙන්නේ මෙම කෝවිල් භූමිය හාස්කම් වලින් පිරී පවතින බවට ඔවුන් විශ්වාස කරන හෙයිනි. හින්දු ජනයන්ගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් බවට මෙය පත්ව තිබේ. දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් ද මෙය නැරඹීමට වැද පුදා ගැනීමට පැමිණෙයි. රාජ්‍ය නායකයන් ද තම රාජකාරී දිවිය ආරම්භයට ප්‍රථම ව හෝ ආරම්භයෙන් පසු මෙහි පැමිණ ආශිර්වාද ලබා ගැනීම සිදු කරයි. මෙරට ඓතිහාසික සංචාරක ස්ථාන අතුරින් වැදගත් තැනක් නල්ලූර් කෝවිල ට හිමි වේ.
මූලාශ්‍ර
www.travelpages.lk
www.thaksalawa.lk
www.youtube.com