Friday, November 25, 2022

මැදිරිගිරිය වටාදාගෙය

 

අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට බොහෝ බැතිමතුන් පිරිපීඨයේ  වාර්ෂිකව පැමිණෙයි. නමුත් බොහෝ දෙනෙක් මගහැර ගන්නා එහෙත් නැරඹිය යුතු ම ස්ථානයක් ලෙස මැදිරිගිරිය වටදාගෙය හදුන්වා දිය හැක.

හිගුරක්ගොඩ සිට කිලෝමීටර විසිපහක් පමණ මැදිරිගිරිය නගරය දෙසට ගිය විට මෙම වටදාගෙය හමු වේ. මැදිරිගිරියට බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මැදිරිගිරිය  අතීතයේ දී මණ්ඩලගිරි, මැඩිලිගිරි ආදී නම් වලින් හඳුන්වා ඇත. මෙම සිද්ධස්ථානය  කවුරුන් විසින් ගොඩ නගන ලද දැයි නොදනී. 

දෙවන සියවසේ අග භාගයේ දී කනිට්ඨ තිස්ස රජු ද හත්වන සියවසේ මුල් කාලයේ දී  දෙවන අග්බෝ රජු ද නවවන සියවසේ මැද භාගයේ දී දෙවන සේන රජු ද මෙහි ඉදිකිරීම්  සිදු කළ බව මහා වංශයේ සදහන් වේ. එකොලොස්වන සියවසේ දී පළමු වන විජයබාහු රජු මේ විහාරය ප්‍රති සංස්කරණය කළ බව ද සඳහන් වේ. 

මෙහි තිබූ සෙල් ලිපියක සදහන් වූයේ මෙය ඉතා දියුණු සිද්ධස්ථානයක් හා දියුණු රෝහලක්  ව තිබුණු බවයි. කාලිංග මාඝ ආක්‍රමණ නිසා රජරට අතහැර සිංහලයන් දකුණට පලා යාම නිසා මේ සිද්ධස්ථානය  වල්බිහි වී විනාශයට ලක් විය.

1897 දී පමණ H.C.P. බෙල් මහතා විසින් සොයා ගන්නා විට මෙය මහා වනයක සැග ව තිබී ඇත. 1939 දී  මෙය පුරාවිද්‍යා සංරක්‍ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා හා සැලසුම් කරුවෙකු වූ W. E. ප්‍රනාන්දු මහතා ඇතුළු පුරාවිද්‍යා කාර්ය මණ්ඩලයේ කැපවීම නිසා මේ අලංකාර පින්බිම සුරැකී තිබේ.


මැදිරිගිරිය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති අලංකාර වටදාගෙය නිසාය.  මැදිරිගිරිය වටදාගෙය පැරණි වාස්තු විද්‍යාවේ හා ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිර්මාණයකි. මෙය භුමි මට්ටමට වඩා ඉහලින් ගල් කුලක් මත ඉදිකර ඇත. ඒ නිසා එහි ප්‍රෞඩත්වයක් විද්‍යමාන වේ.

මැදිරිගිරිය වටදාගෙය ඉදිකර ඇත්තේ අඩි 91 ක් පමණ විෂ්කම්භය හා අඩි 14 -17 පමණ උස පනා බැම්මකින් ආරක්ෂා  කර ඇති වටකුරු වේදිකාවක් මත ය. එයට ඇතුල් වීම සඳහා උතුරු දෙසින්  අඩි 10 ක් පමණ උස අඩි 5 ක් පමණ පළල ගල් උළුවස්සකින් ඇතුළු වී පියගැට පෙළක් නැගිය යුතුය. වටදාගේ බාහිර මළුවට ගොඩ වූ විට දෙපස කැටයම් සහිත ගල් පීඨ දෙකක් මත පුන්කලස් දෙකක් වේ. ඉන් අනතුරුව වටදාගෙයට පිවිසීමට පිය ගැට හතරකි. වටදාගෙය මධ්‍යයේ අඩි 26ක් පමණ විශ්කම්භයෙන් යුත් ස්තුපයකි. එය වටදාගෙයට වඩා අවුරුදු 800 ක් පමණ පැරණි බව කියවේ. ස්තුපය ඉදිරිපස  සිව්දෙසට මුහුණලා සමාධි පිළිම හතරකි. මෙය වජ්‍රසත්‍ව මණ්ඩලයක් බව ද සදහන් වේ. පිටතින් මනරම් කැටයමින් යුත් අට පට්ටම් හැඩයෙන් යුත් ගල් කණු පේලි තුනක් වේ.

ඇතුලත වටය අඩි 9 ක් උස කණු 16 කින් ද, දෙවැනි වටය අඩි 16 ක් උස කණු 20 කින් ද, පිටත වටය අඩි 17 ක් උස කණු 32 කින් ද සමන්විත විය. මේ සෑම කණුවක් ම එකිනෙකට වෙනස් විසිතුරු කැටයමකින් යුතු වේ.  පිටත වටයේ කණු පෙළ අඩි 3 අඟල් 6 ක් පමණ උස ආවරණ වැටකින් බැඳී ඇත. පිටත කණු පෙළ හා මැද අතර ගඩොල් වලින් කළ බිත්තියක් තිබී ඇත. මේ බිත්තියේ නටබුන් දක්නට ලැබේ. මේ බිත්තිය හා කුළුණු මේ වටදාගෙයට ලි වලින් කළ කුටාගාර වහලක් තිබුණු බවට සාක්ෂි සපයයි.

මුල් යුගයේ දී මෙහි තිබී ඇත්තේ දා ගැබකි. වටදාගෙය තනා ඇත්තේ හත්වන සියවසේ දී ය. 4 වන අග්බෝ රජුගේ පුත්‍රයා වටදාගේ තැනු බව ව  කියවේ. වටදා ගෙවල් තැනීම මහායාන අදහස් පිළිගත් අභයගිරි විහාරිකයන්ගේ උපදෙස් අනුව කළ බව ද එක් අදහසකි. එක වටදාගෙයට වයඹ දෙසින් බුදු මැදුරු කීපයකි. එහි පද්මාසන මත වැඩ හිඳින බුදු පිළිම කීපයක්ම දක්නට ඇත. පද්මාසන මත වැඩ හිඳින බුදු පිළිම වටදාගෙයට උතුරින් වන කඳු ගැටය මත තවත් ස්ථුපයක් ද  දැකිය හැකිය.

පොළොන්නරුවේ සංචාරය සදහා යන ඔබ මග නොහැර නැරඹිය යුතු තැනක් ලෙස මැදිරිගිරිය හදුන්වා දෙන්නේ එහි ඇති ඓතිහාසික වටිනාකම නිසාවෙනි. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නිසාවෙන් මෙම ස්ථාන වල වටිනාකම තවත් තීව්‍ර වේ. එය මෙරට සංචාරක ආකර්ෂණය ලොවටම ප්‍රචාරය කරන්නට කදිම අවස්ථාවකි.


මූලාශ්‍ර 

www.wijeya.lk

www.sinhala.archeology.lk

www.facebook.lk

Monday, November 21, 2022

යමුද මීමුරේ

නුවර මහියංගන මාර්ගයේ  පිහිටි හුන්නස්ගිරිය නගරය නකල්ස් කඳු වළල්ලෙහි පිටතින්  සුන්දර මීමුරේ ගම්මානය පිහිටා ඇත. හුන්නස්ගිරිය නගරයෙන් මෑත්ව නකල්ස් රක්ෂිත පිවිසුම් මාර්ගයේ  නකල්ස් හා දුම්බර කඳු පන්ති මධ්‍යයේ මීමුරේ   ගම්මානය පිහිටා ඇත. මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකට සමාන්තරව දුම්බර මිටියාවත මධ්‍යම කඳුකරයෙන් වෙන්ව පිහිටා ඇත.

දවස පුරා ම මීදුමෙන් වැසී පවතින නිසා  දුම්බර මිටියාවත ලෙස නම් වී ඇත.  හැඩි දැඩි පුද්ගලයකු තම අතමිට මොලවා ගත් සේ දිස්වන කදු පන්තියට නකල්ස් යන නාමය පටබැඳී ඇත.

මීමුරේ ගම්මානයට  පිවිසිමට මාතලේ නාරංගමුව ලග්ගල හරහාත්  හසලක දන්දෙණිකුඹුර හරහා ද වනගත මාර්ග දෙකක්  හදුනාගත හැක.  එම මාර්ග මෑතකාලීනව  ගම්වැසියන්ගේ අඩිපාරක්  පමණක් ලෙස පවතියි. එය තරමක් දුෂ්කර මාර්ගයක් වන අතර පා ගමනින් යා යුතු ය.

මීමුරේ ගම්මානය ට ගමන් කිරීමට පොදු බස් රථ සේවාවක් ‍නොමැත. ගම්වැසියන්ට ඇති එකම පහසුකම හුන්නස්ගිරිය නගරයට යාමට සහ ඒමට දවසට දෙවරක් පමණක් ධාවනය වන වෑන් රථයක් පමණි.

මීමුරේ ගම්මනායට යන අය අතරමගදී නවනගල, කොබෝනීල, ලූල්වත්ත, අට්ටලවෙට්ටුව, කුඹුක්ගොල්ල, කරඹකැටිය, කයිකාවල  යන ගම් පසු කරයි. නවනගල සහ කොබෝනීල යන කුඩා ගම්මාන වල දමිළ ප්‍රජාව ජීවත් වේ. 

අට්ටලවෙට්ටුව  මීමුරේ මාර්ගයේ ඇති සුළං  කපොල්ලක් වේ. අට්ටලවෙට්ටුවෙන්  තංගප්පුව, උඩිස්පත්තුව, තෙල්දෙණිය ගම්මාන වලට යෑමට භාවිතා කරන අතුරු මාර්ගයකි. මීමුරේ සංචාරයේ යෙදෙන අයෙකුට කුඹුක්ගොල්ල ගම්මානයෙන් පුරාණ වෙඩිලුණු ගුහාවට මාර්ගය දැකගත හැකි අතර කරඹකැටිය නම් ගම්මාන්යෙන් අළුගල්ලෙනට මාරගය වැටී ඇත.


මීමුරේ ගම්මානයට  පිවිසි විගස මුලින්ම නෙත ගැටෙන්නේ මීමුරේ පුරාණ මී ගසයි. ගම්මානයට උතුරු දෙසින් ලකේගල පර්වතය දැකගත හැකිය. මීමුරේ ගම්මනයේ සංකේතය බවට ප්‍රකට ලකේගල ඈත අතීතයේ පටන් මීමුරේ ගම ආරක්ෂා කරනා ද්වියෙකු ලෙස ගම් වැසියන් විස්වාස කරයි. බටහිර හා වයඹ දිශානුගතව විහිදෙන්නේ තවත් සුප්‍රකට කඳු වැටියක්‌ වන තුන්හිස්‌ගල කඳුවැටියයි. 

නිරිතදිග සිට දකුණට බරව මීමුරේට දිස්‌වන්නේ අළුගල් ලෙන කඳුවැටියයි. කඳු හෙල් මත පතිත වන හිරු රැස් විවිධාකාර හැඩතල මවන අතර රාත්‍රී කාලය එළැඹෙත්ම මේ කඳු මුදුන් මතින් මීදුම ගලා එයි. කිරිගල් පොත්ත, ගොම්බානිය, නකල්ස්, කොබෝනිල්ලගල, දොතළු ගල, කළු පහන, වමාරපු ගල, ලකේ ගල, ලබු පැලැස්ස පතන, දුම්බොන ගල, ගල් කුල, ඇදිරි ගල , යහන් ගල ආදි වශයෙන් මී මුරේ වටා නැඟී හිඳින කඳු වැටි ගණනාවකි.

මීමුරේ ගම්මනයේ වනයට  වන්නට  පහලට රූටා වැටෙන දිය ඇලි ගනනාවකි.  ඔයබොක්ක දියකැරැල්ල, දලුක්ගොල්ල, ගලමුදුන අහස්ගව්ව ඇල්ල, කලුපහන පිණිසිළු ඇල්ල, ඔයබොක්ක සේදමල් ඇල්ල, කළුකැලේ ගල්තුඩු ඇල්ල ඉන් කිහිපයකි. යුරෝපීය  ආක්‍රමණයන් හමුවේ රාජසිංහ රජුට සැඟව සිටීමට  මීමුරේ  වරිච්චියෙන් සැකසූ මැද මිදුලක් සහිත ඉපැරණි නිවෙසක් තව ම ඇත. 

මේ වන විට පවුල් 100 ක් පමණ  මීමුරේ ජීවත් වන අතර මෙය ශ්‍රී ලංකාවේ පැරැණිතම ගම්මානයකි. මීමුරේ ගම්මානය උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේ.  ගමට පිවිසෙන ඕනෑම කෙනෙකුට හෙල්මළු ක‍්‍රමයට වගා කළ රමණීය වෙල්යාය ත් කඳු මුදුනින් ගලා එන  ගම්මානයේ  සාරයේ මූලය වන  මී ඔය නොහොත් දිමිගල් ඔය ද්  දැකිය හැක.  මහවැලි නදියට ජලය සපයන ප්‍රධාන අතු ගංගාවක් ලෙසට අවසානයේ එක් වෙයි. මී ගස අසලම ඇති මීමුරේ කනිෂ්ඨ පාසලත් ඉහළ  කුඹුරේ කෙළවරට වන්නට තිබෙන කුඩා දේවාලයත් කුඩා වෙලදසැල්  හා කුඩා පන්සල මීමුරේදී දක්නට ලබෙන  ස්ථාන කිහිපයක්  වේ.

සිනාවෙන් මුව සරසාගෙන සිටින මිමුරේ ගම් වැසියන් ස්වයංපෝෂිත ආර්ථිකයක් හිමි පිරිසක් වේ. කුඹුරු ගොවිතැන අවුරුද්දට එක කන්නයක්  සිදුකර අනෙක් කන්නයේ බෝංචි අතුරු බෝග ලෙස කුරහන්, තල, මෙනේරි, මිරිස්, බඩඉරිගු ආදිය ද කිතුල්පැණි හා හකුරු නිෂ්පාදන බොහෝවිට දැකගත හැකිය.

සාමාන්‍ය පෙළට පමණක්  ඉගෙනීම සිදු කරන මීමුරේ දරුවන් ඉන් පසු තම දෙමව්පියන්ගේ කුඹුරු ගොවිතැන් වලට හවුල් වී වැඩ කරයි. දේශීය කුඹුරු ගොවිතැනේ සුන්දරත්වයේ අත්දැකීම මීමුරේ සංචාරයේ දී නිතැතින්ම විද ගත හැකිය. එමෙන් ම මනා ජෛව විවිධත්වයකින් හෙබි වනාන්තරය තුළ  නිදහසේ ඇවිද යාමටත්, කඳවුරු තනා දින කිහිපයක් රැඳී සිටීමටත්, කඳු තරණය කිරීමටත්,  මී ඔයේ ත‍්‍රාසජනක ජල කී‍්‍රඩාවල නිරත වීමටත්, අලූ කෑදැත්තා ඇතුලු ලංකාවට ආවේනික සත්ව විශේෂ නැරඹීමටත්  සංචාරකයන්ට අවස්ථාව හිමි වේ. 

ගම්මානයට ආවේණික වූ මඩු පිට්ටු , මඩු වැලිතලප වැනි ආහාර රස විදීමට හා පිරිසිදු කිතුල් රා වලින් පදම් වීමටත් මීමුරේ ගම්මානය කදිම තෝතැන්නකි. සෑම වසරකම දෙසැම්බර් මාසයේ ඉහළ ම වර්ෂාපතනය ලැබෙන මීමුරේ ගම්ම්මානයට සුන්දරම කාලය ලෙස ජනවාරි සිට මැයි මස දක්වා හැදින්විය හැක. ජුනි මාසය වියළි කාලගුණයක් පෙන්නූවත් ගොයම් කපන කාලය වන නිසා මෙය නැරඹීමට එන සංචාරකයන් නිසා මීමුරේ අවුරුද්ද පුරාම සංචාරක පරාදීසයක් වේ. මීමුරේ සංචාරය කරන්නන්ට  නවාතැන් පහසුකම් ද ගැමි ස්වරූපයෙන් ම ඉදි ව ඇත. මීමුරේ සංචාරය කරන විට නිසි මග පෙන්වීමක් ලබා ගන්නේ නම් මේ සුන්දර ගම්මානයේ සුන්දරත්වය මග නොහැරෙනු ඇත. වර්තමානයේ ඉහළ සංචාරක ආකර්ෂණය සමග පැමිණෙන්නන් මේ සුන්දර ගම කැළිකසළ කලාපයක් බවට පත් කර ඇත. එය එසේ නොවී මතු පරපුරට ද දායාද කිරීම අප සතු වගකීමයි. සංචාරකයන් වන ඔබේ යුතුකම  මෙයින් පිටව යන විට  මතක සටහන් පමණක්  රැගෙන පා සටහන් පමණක්  ඉතුරි කර යාමයි. 

මූලාශ්‍ර 

www.youtube.lk

www.facefook.lk

www.silumina.lk

www.saaravita.lk

www.lady.lk

Saturday, November 19, 2022

මීදුමෙන් වැසෙන හපුතලේ


දෙස් විදෙස් සංචාරකයන්ට  සුන්දර අත්දැකීම් ගොන්නක් ලබා ගන්නට වගේ ම සීත මීදුම   මැදින් නිවාඩුවක් ගත කරන්න අපූරු ස්ථානයක් තමයි හපුතලේ.  

කදුකරයේ මිහිදුම් මතින් සුවදායි වෙනස්ම ජීවන  තෘප්තියක් ලබන්න මෙම සංචාරයේ දී ඔබට හැකි වේ.  බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාම අලංකාරවත්  නගරක් ලෙස හපුතලේ හදුන්වා දිය හැක.  කෝච්චියේ යනවනම් පහසුව සහ සුන්දරත්වය විදින්නට උපරිම හැකියාව ලැබේ. හපුතලේ නගරය මීදුම මැදින් දෙව් විමනක් සේ දිස්වෙයි. 


දුම්රියේ යන ගමන විනෝදාස්වාදය සමගින් පිරි එකක්. විදේශීය සංචාරකයන් වගේම ලාංකිකයන් බොහොමයක් දෙනා හපුතලේ සංචාරය සදහා තෝරා ගනී. රමණීය තේ වතු මැදින් යන දුම්රිය ගමන  විඩාවකින් තොරව එහි ලගා කරවයි. උඩරට මැණිකේ කෝච්චිය වගේම රාත්‍රී තැපැල් දුම්රිය ද තවත් දුම්රිය කිහිපයක් ද හපුතලේ වෙත ගමන් කිරීමට යොදවා ඇත.

නාගරීකරණය වූ ඒකාකාරී වෙහෙසකර ජිවිතයෙන් මිදී නිස්කලංක වටපිටාවක ආශ්වාදය විදින්නට  නම් හපුතලේ  කදීම නවාතැනකි. රේල් පීලි දිගේ,තේ වතු මැදින් පරිසරයේ මිහිරියාව විදිමින්  පුද්ගලයන් ඇවිද යන අයුරු නිරන්තරයෙන්ම දැක ගත හැකි  ස්ථානයක් තමයි හපුතලේ.

සංචාරකයන් සදහා නවාතැන් ගැනීමට බොහෝ හෝටල් සහ සංචාරක නිකේතන මෙම නගරයේ දැකිය හැකිය.

හපුතලය නගරය ට ආසන්න තවත් සුන්දර සංචාරක ආකර්ෂණය දිනාගත් පාරාදීස කිහිපයකි.  බණ්ඩාරවෙල සහ දියතලාව යන  නගර ද ඒ අතර වේ. හපුතලේ සංචාරය අතරතුර  බණ්ඩාරවෙල  සහ දියතලාව යන ප්‍රදේශ වල පිහිටි සුන්දර ස්ථාන ද නැරඹීමට  හැකියාව හිමි වේ.

හපුතලේ අවට නැරඹිය හැකි ස්ථාන අතර දියලුම ඇල්ල, ඇඩිශම් බංගලාව, ලිප්ටන් සීට්, දෝව පන්සල මෙහි දී සංචාරය සදහා  තෝරා ගන්නා ස්ථාන වේ.

සුන්දර හපුතලේ සංචාරයට යන්නට ඉන්න වගේම තවමත් සංචාරය නොකළ අයට මෙය නම් යන්නට ඕන ම තැනක්. වෙනස් ම අත්දැකීමක් සුන්දරත්වය පිරි මතක ගොන්නක් ලෙස පෙන්වා දිය හැක. 

මූලාශ්‍ර 

www.womanly.lk

www.facebook.lk

www.youtube.lk

www.srilankatravelpages.com

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...