Friday, August 26, 2022

පරාක්‍රම සමුද්‍රය

 

පොළොන්නරුවේ පිහිටි පරාක්‍රම සමුද්‍රය එහි සශ්‍රීකත්වය ස්වයංපෝෂිත බවේ සංකේතයකි. අතීතයේ මිනිසා කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කළ හෙයින් වගා කටයුතු සදහා ජලය සපයා ගැනීමේ මූලික අවශ්‍යතාවක් පැන නැගිනි. වසරේ එක් කාල සීමාවකට පමණක් ලැබෙන වර්ෂා ජලය වගා කන්න දෙකටම භාවිතා කිරීමට රැස් කර ගන්නට රජවරු විශාල  වැව් සාදවන ලදි. සාගර පරයන සුවිසල් වැවක් ලෙස පරාක්‍රම සමුද්‍රය පෙන්වා දිය හැක. අනුරාධපුර පොළොන්නරුව රාජධානි එකල වැව් බැදි රාජ්‍යයන් ලෙස හදුන්වා ඇත්තේ විශාල වැව් සංඛ්‍යාවක්   පිහිටි නිසාය.


පරාක්‍රමබාහු රජුගේ අග්‍ර ගන්‍යයේ නිර්මාණ අතරින් පරාක්‍රම සමුද්‍රය සුවිශේෂි වේ. මෙය පතෝපා වැව, එරමුදු වැව, දුඹුටුලු වැව, කලහගල වැව, භූ වැව සහ බැඳි වැව යන වැව් හයක් එකට එක් කොට  පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද්දකි.

එදා සිට අද දක්වා වාරි කර්මාන්තය සදහා  පරාක්‍රම සමුද්‍රය දායක වී ඇත. මෙහිදී බැඳිවැව හැර අන් සියලු වැව් අභ්‍යන්තර වේළි වලින් එකිනෙක වෙන් වී තිබී ඇත. පරාක්‍රම සමුද්‍රයේ උපරිම ජල ධාරිතාවය අක්කර අඩි 109,000 ක් වන අතර ධාරා ප්‍රදේශය වර්ග සැතපුම් 2800 ක් වූ ජලාශයේ සොරොව් තුනක් මගින් වගා ප්‍රදේශයන්ට ජලය සැපයීම සිදුවේ.  එකල ඇළ මාර්ග 11 ක් සම්බන්ධ ව තිබූ පැරණි පරාක්‍රම සමුද්‍රයේ සොරොව් හතක් තිබූ  නමුත් වත්මන් ඇළ මාර්ග තුන ඔස්සේ ජලාශයෙන් පෝෂිත වගා බිම් වපසරිය අක්කර විසි දහසක් පමණ වේ.  

වැසි සමයේ දී සුදු කන්ද ජල පෝෂක ප්‍රදේශයෙන් ගලා එන ඇළ මාර්ග කිහිපයකින් ම පැරකුම් සමුදුර පෝෂණය වන අතර මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංඟාවක් වන අඹන් ගඟ හරස් කර අංගමැඩිල්ලේ ඉදිකළ අමුණ මගින් ආකාශ ගඟ නමින් හැඳින්වූ ඇළ මාර්ගයෙන් ද ගිරිතලේ වැව් ජලය තඹලවැව සහ කඩවලවැව හරහා ගලා එන ජලයෙන්ද පරාක්‍රම සමුද්‍රය පෝෂිත වී ඇත.


පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දිගින් සැතපුම් 8 ½ ක් පමණ වන අතර අඩි 25 ක් පමණ ගැඹුරු බව සදහන් වේ. බැම්මේ උස අඩි 40 ක් බව මූලාශ්‍ර පවසයි. ජල ධාරිතාව 5350 කි. මෙම ජලාශයේ වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38ක් වන අතර උසින් මීටර් 9.45කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි.71.71 වන අතර  හෙක්ටයාර 2539.5 ව්‍යාප්ත ව ඇත. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07කි. මෙම ජලාශය තුල කුඩා දූපත් ගණනාවක් දැකිය හැකි අතර ඉන් සමහර දූපත් තුල පැරණි නටඹුන් පවා දැකිය හැකි වේ. පොළොන්නරුවේ සංචාරය කරන විට පරාක්‍රම සමුද්‍රය නැරඹීම අනිවාර්යය කාර්‍යකි. 

මූලාශ්‍ර 

www.thaksalawa.lk

www.rora.media.com

www.facebook.com

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...