Wednesday, February 15, 2023

කිතුල්ගල සවාරිය

සබරගමුව පළාතේ  යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ගමක් ලෙස කිතුල්ගල හැදින්විය හැක. නුවරඑළිය දිස්ත්‍රික්කයට එක් අතකින් මායිම් ව ඇත. සබරගමුව කඳු පන්ති වලින් වටවී ඇත. අවිස්සාවේල්ල සිට ගිනිගත්හේන මාර්ගය හෙවත් කොළඹ හැටන් A7 මාර්ගය  කිතුල්ගල හරහා ගමන් කරයි. කිතුල්ගල සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වන්නේ එහි සුන්දරත්වය නිසාය. සංචාරකයන්ට නිස්කලංක පරිසරය , වනපෙත, ජල දහර අපූර්වත්වයක් එක් කරයි. කිතුල්ගල පිහිටි කුරුලු කැලය , බංඩාර කැලය නමින් ද හදුන්වන වනාන්තර ප්‍රදේශය තුළ විවිධ ආවේණික මෙන්ම සංචාරක පක්ෂීන් ද බොහෝමයක් දැකගත හැකිය. පුරාවිද්‍යා වටිනාකමකින් හෙබි ආදි මානවයා විසූ බෙලිලෙන පිහිටා ඇත්තේ ද කිතුල්ගලය.

මීටඅවුරුදු  25000 කට ඉහත අතීත මානවයන් මෙහි ජීවත් ව    සිට ඇති බවට පිළිගත හැකි සාක්ෂි හමුවී ඇත. කිතුල්ගල නගරයට මායිම්ව පිහිටි  "මාකන්දාව" නම් වනාන්තරය ඉතා සුන්දර පරිසරයකින් යුක්ත වූවකි. කිතුල්ගලට එන සංචාරකයන් වඩාත් ප්‍රිය කරන්නේ  මන්නකැති ඇල්ල නැරඹීමටය.  උසින් මිටර් 110 පමණ වෙන මෙම දිය ඇල්ලට අමතරව මිටර් 25 ක හා 35 දිය ඇලි දෙකකින් සමන්විත මන්නකැති දිය ඇල්ල ඉතා මනස්කාන්ත දිය ඇල්ලක් ලෙස හදුන්වා දිය හැකිය. 1952 දී ප්‍රංශ ලේඛක Pierre Boulle විසින් ලියවූ පොතක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද  ඇකඩමි සම්මානලාභී The Bridge on the River Kwai හෙවත් "ක්වායි ගඟේ පාලම" නැමැති චිත්‍රපටය තනනු ලැබුවේ ද කිතුල්ගල ය. මේ කටයුත්තට චිත්‍රපට කණ්ඩායම විසින් මෙම ස්ථානයේ දී සැබෑ ලෙස ම පාලමක් ගොඩ නැගූ අතර, චිත්‍රපටයේ අවසාන දර්ශනය සඳහා එය පුපුරුවා හැරීමක් ද සිදු කරන ලදි. මෙම ස්ථානයට එම සිහිවටන නැරඹීමට ද සංචාරකයන් බොහෝමයක්  පැමිණෙයි.


කිතුල්ගල වඩාත් සුප්‍රසිද්ධ  වයිටි වෝටර් රාෆ්ටින් නැමැති ක්‍රීඩාව සදහායි.  කිතුල්ගලට බොහෝමයක් සංචාරකයන් පැමිණෙන්නේ වෝටර් රාෆ්ටින් ක්‍රීඩාවේ නියැලීම සදහායි. 'වයිට් වෝටර් රාෆ්ටින්’ යනු අභියෝගාත්මක ක්‍රීඩාවකි. ‘රාෆ්ටින්’ යනු ගංඟාවක ඉහළ සිට පහලට ස්වභාවික නිම්න බෑවුම් ඔස්සේ ආරක්ෂිත මෙවලම් පැළඳ පුහුණුව ලැබූ මඟ පෙන්වන්නන් යටතේ අභියෝගාත්මක ගමනක නිරත වීමකි.  දිය මත ලිස්සා යෑම ’වයිට් වෝටර් රාෆ්ටින්’ ලෙස හඳුන්වයි. සංචාරක ආකර්ශනය දිනාගත් අභියෝගාත්මක කී‍්ඩා අතුරින් උපරිම වින්දනයක් ලබා ගත හැකි කී‍්‍රඩාව ‘වයිට් වෝටර් රාෆ්ටින්’ලෙස හදුන්වයි. 

ඇමෙරිකාව තුළ  මෙම කී‍්‍රඩාව නිර්මාණය කර ඇති අතර  දැනට ලොව පුරා ගංඟා 374 ක් පමණ  ආශි‍්‍රත ව රාෆ්ටින් කී‍්‍රඩාව පවත්වනු ලැබේ.  රාෆ්ටින් ඔලිම්පික් කී‍්‍රඩාවක් ලෙස ද වෙයි. ලෝකය පුරා රටවල් සිය සංචාරක ආකර්ශණය පවත්වාගෙන යෑමට මෙම කී‍්‍රඩාව ප‍්‍රබලව යොදා ගනී.  මැලේසියාව සහ ඩුබායි යන රටවල් තුළ කෘතිම ගංඟා නිර්මාණය කර රාෆ්ටින් කී‍්‍රඩාව පවත්වාගෙන යනු දැකිය හැකිය.  මෙම කී‍්‍රඩාවේ නිරත විය හැකි ලංකාවේ එකම ස්ථානය කිතුල්ගල වේ.

බ්‍රිතාන්‍ය ජාතික පීටර් ස්ටුවර්ට් මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ විනෝදයත්, ත්‍රාසයත්, ආරක්ෂාවත් සහිතව වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව සඳහා ලොව සුදුසුම ස්ථානය කිතුල්ගල බවයි. කිතුල්ගල ඇති සුවිශේෂිත්වය නම් සෑම ගංඟා බැවුමක්  අවසානයේ ම ජලය නිසලව පවතින  ජල පෘෂ්ඨයක්   පැවතීම.  කිතුල්ගල ‘වයිට් වෝටර් රාෆ්ටින්’  දෙස් විදෙස් සංචාරක ආකර්ශණය පමණක් නොව බොහෝමයක ගේ බඩකට පුරවන ජීවනාලියක් ද සපයයි.  මෙම ප‍්‍රදේශයේ සංචාරක ආපනශාලා තානායම්පළ වල්  38 ක් පමණ ඇත. එම ස්ථාන  වල සේවකයන් 400 ක් පමණ රැකියා කරනු ලබයි. රාෆ්ටින් සේවා සැපයීම් ආයතන 10 ක් ද එම ආයතනවල 200ක් පමණ පිරිසක් ද සේවය කරයි. 

වයිට් වෝටර් රාෆ්ටින් සඳහා අන්තර්ජාතික වශයෙන් පුහුණුව ලබා සහතික ලත් මගපෙන්වන්නන් ද 500 ක් පමණ මෙම ප්‍රදේශය තුළ සිටියි. ඔවුන් නිසි ආදායම් ද ලබයි.  දේශීය හා විදේශීය සංචාරකයන් නිසා මෙරට ට ආවේණික දෑ සදහා යහපත්  වෙළඳ පොළක් බිහිවී ඇත. මීට අමතරව කඳුනැගීම, දියඇලි තරණය ආදී  විවිධ අභියෝගාත්මක ක්‍රීඩා ද මේ ආශ්‍රිතව බිහි වී  ඇත.


 පිහිනීමට  නොදන්නා කෙනෙක් වූවද කිතුල්ගලදී කිසිදු අනතුරකින් හානියකින් තොරව තම කණ්ඩායම සමග බෝට්ටුවකින් රැපිඩ් 7 ක් පසුකර කිලෝමීටර් පහ හමාරක් කැළණී ගග පහළට යාත්‍රා කළ හැකිය. ආරක්ෂක හිස් වැසුම් හා වෙනත් ආරක්ෂිත ඇඳුම් පැළඳවීම නිසා බියක් ඇති නොවේ. වෝටර් රාෆ්ටින් උපදේශකවරුන් , මග පෙන්වන්නන්  ආරක්ෂාවට  බෝට්ටුවේ ගමන් කරනු ඇත. කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව හඳුන්වා දුන් දා සිට මේ දක්වා කිසිඳු ජීවිත හානියක් සිදුවී නොමැත. ජීවිතයේ එක් වරක් හෝ කිතුල්ගලදී කැළණි ගං ඉසව්වට  යාත්‍රා කර එම අපූරු ත්‍රාසජනක අත්දැකීම ලබා ගන්නට සංචාරකයන් අමතක නොකළ යුතුය. ස්වභාවික පරිසරය පවිත්‍ර ව තබා ගැනීමට  ද වගවීමෙන් ක්‍රියා කළ යුතුය.


මූලාශ්‍ර

www.youtube.com

www.facebook.lk

www.dinamina.lk

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...