බදුල්ල නගරයේ සිට 04 km ක් පමණ දුර ගියවිට දුන්හිඳ වංගුව හමු වේ. එතැන් සිට තවත් කිලෝමීටරයක් පමණ දුර පා ගමනින් වන ලැහැබ ඔස්සේ ගමන් ගත යුතු ය. එය තරමක් අපහසු වූව ද එහි සොබා සෞන්දර්ය සිසිලස නිසා විඩාවක් නොදැනේ. බදුලු ඔයේ නිම්නය හරහා මීටර් 63 කට ඉහළින් කොස්ගොල්ල ගම කෙළවර දුන්හිඳ ඇල්ල නිර්මාණය වී එතැනින් ගලා ගොස් මහවැලි ගගට එක් වේ.
දුන්හිඳ ඇල්ලේ ආරම්භය ගැන ජනප්රවාදයේ විවිධ කතා සදහන් වේ. අතීතයේ රජ සමයේ දුන්හිඳ පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. කලක් ගතවන විට මේ පුස්වැල විශාල වී එය අසල කුණු රොඩු එකතු වී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත. එය බේසමක හැඩයෙන් දිස් වී ඇති අතර බදුල්ල නගරය ද මෙහෙයින් යට වී ගොස් ඇත. එවිට රජු අණබෙර යවා පසුවැල කප්පවා එය කැපූ තැනැත්තාට තෑගි බෝග පිරිනමා ඇත. එම ජලකඳ පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ගලා ගොස් එයින් දුන්හිඳ ඇල්ල නිර්මාණය වී ඇති බව සදහන් වේ. මෙහි සදහන් වන රජු එවකට බදුල්ලේ ප්‍රාදේශීය රජතුමා වූ කුමාරසිංහ රජු බවත් එම රජුගේ නිධන් වස්තු මෙහි ඇති බවත් ඉතිහාසයේ වංශ කතාවල සදහන් වේ.
දුන්හිඳ ඇල්ල වැටෙන තැන සිට උමං මගක් තිබූ බව ගම් වැසියෝ අදත් විශ්වාස කරති. දුන්හිද දිය ඇල්ල මීටර් 63 ක් උසින් යුක්තය. දුන්හිඳ දිය ඇල්ල නැරඹීමට සංචාරකයෝ නිරන්තරව ම පැමිණෙති. එහි මග දෙපස කුඩා කඩ සාප්පු ද පවති. ඒ හා සම්බන්ධ උප සංස්කෘතියක්ද ගොඩ නැගී තිබීම විශේෂත්වයකි.ඇල්ල නැරඹීමට නැරඹුම් මැදිරියක් ඉදිකර ඇත. එය සංචාරකයන් හට චායාරූප ලබා ගැනීමට වඩාත් පහසුවකි.
තරුණ පිරිස් ඇල්ලේ පාද පොකුණ වන තෙක් ම ගමන් කරන අවස්ථාවන් ද දැකිය හැකිය. නමුත් එය අවදානම්කාරී ගමනකි.
දියඇල්ල අවට පරිසරය සංචාරකයන්ගේ නොමනා කටයුතු හේතුවෙන් තරමක් අපවිත්‍ර වී ඇත. ඇල්ලට ගමන් කරන මග තුළ රිළවුන් බොහෝ ප්‍රමාණයක් රැදී සිටියි. ඔවුන්ට ආහාර පාන ලබා දීමට ගොස් අනතුරු ද සිදු වී තිබේ. ඉතා ප්‍රවේශමෙන් ගමන් කිරීම යෝග්‍ය වේ.
මෙවන් සුන්දර ස්ථානයන් තව බොහෝ කාලයක් පැවතිය යුතු වේ. එම නිසා පරිසරය පවිත්‍ර ව තබා ගැනීමට පරිසරය ට හානි නොකිරීම ට වග බලාගැනීම ඉතාම වටිනා කරුණකි.
මූලාශ්‍ර
www.google.lk
www.dinamina.lk
No comments:
Post a Comment