මෑතකාලීනව බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්රදේශයකි දෙනියාය. දෙනියායේ සංචාරය කරන විට නැරඹිය හැකි ස්ථාන කිහිපයක් ම පවතී. ඇතැම් අය දෙනියාය ප්‍රදේශය හදුන්වන්නේ පුංචි නුවරඑළිය ලෙසිනි. දෙනියාය එහි ජෛව විවිධත්ව ලක්ෂණ සහ සුන්දරත්වය නිසා සංචාරකයන් අතර අතිශය ලෙස ජනප්‍රිය වී ඇත.
දෙනියාය ට ලගාවිය හැකි මාර්ගය ලෙස මාතර සිට අකුරැස්සට පැමිණ අකුරැස්සෙන් දෙනියාය පාරේ ඇවිත් පිටබැද්දර , මොරවක , කොටපොළ ආදී නගර කිහිපයක් පසු කරවිට දෙනියාය නගරයට ප්‍රවිෂ්ට විය හැක. විදේශීය සංචාරක ආකර්ශනය බහුලව දිනාගෙන තිබෙන දකුණේ සීත ප්‍රදේශයක් ලෙස දෙනියාය හැදින්විය හැක. දෙනියායට යන අතරමග වගේම දෙනියායයේ දීත් නුවර එළියෙ වගේම විශාල තේ වතු දැකිය හැක. අකුරැස්ස දෙනියාය මාර්ගය විශාල වංගු සහිත කඳු වලින් යුක්ත වේ. මෙම මාර්ගයේ එක් පසෙක විශාල බෑවුම් ලක්ෂණ දැකිය හැකි නිසා ප්‍රවේශමෙන් ගමන් කිරීම වැදගත් වේ.
ඕලු දොළ මේ ගමන අතර මග හමුවන බොහොම ලස්සන තැනකි. වතුරත් ගලා යන තැනක් ස්වභාවිකවම පොඩි විලක ආකාරයෙන් නිර්මාණය වී ඇත. ගොඩාක් අය මෙහෙට එන්නේ නාන්නට හා විනෝදවීමටයි. මෙය අකුරැස්සේ සිට දෙනියාය මාර්ගයේ එන විට හමුවෙන හුලංදාව ප්‍රදේශයට අයත් වේ. ඕලු දොළට පිවිසීමට වැල් පාලමකින් එගොඩ විය යුතු වේ.
එලමල්දෙණිය රජමහා විහාරය ඓතිතිහාසික පුණ්‍ය භූමියකි. එලමල්දෙණිය පන්සල නැරඹීමට පිටබැද්දරින් සියඹලාගොඩ මාර්ගයේ ගමන් කර එහි අතර මග හමුවන පරගස්තැන්න හන්දියෙන් හැරී යා යුතු වේ. රජමහා විහාරයක් වන මෙම විහාරය වලගම්බා රජතුමාගේ කාලයේ සාදන ලද බව සදහන් වේ. මේ පන්සල රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට පූජා කළ බවට ද මතවාද පවතී.
ඇතාමළ ඇල්ල දෙනියාය පිටබැද්දර නිල් ඇල්ල වතුයාය පාරෙ ගමන් කරන විට ඇතාමළ ඇල්ල හමු වේ. මෙ තැන ඉස්සර දවසක ඇතෙක් මළ නිසා ඇතා මළ ඇල්ල ලෙස ව්‍යවහාර වී ඇත. උසෙන් අඩු වුනත් ඉතා අලංකාර දියඇල්ලකි.
ගැටබරු දේවාලය ද දෙවුන්දර දේවාලය තරමට ම ප්‍රකට වූවකි. ගැටබරු දේවාලය හාස්කම් වලින් පිරි තැනක් විදිහට ජනයා තදින් විශ්වාස කරයි. මෙය ද රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට අයත් පූජා භූමියක් ලෙස හැදින්වේ. දෙනියාය කොටපොළ නගරයට යාබද ව ගැටබරුව දේවාලයට පිහිටා ඇත.
දෙනියායට සංචාරයට යන්නන් හට නැරඹීමට හැකි තවත් ස්ථාන කිහිපයකි.
හත්මාලේ ඇල්ල නොහොත් සත් මහල් ඇල්ල ඉතාමත් අලංකාරවත් සුවිශේෂී භූ පිහිටීමක් සහිත ව පිහිටා ඇත. දිය ඇල්ලක් සාමාන්‍යය ක්‍රියාදාමය ජලය ඉහළ සිට පහළට පතිත වීමකි. එහෙත් මෙම දිය ඇල්ලේ වතුර වැටෙනුයේ තට්ටුවෙන් තට්ටුවට යි. එසේ තට්ටු හතක් තිබීම නිසාම හත්මාලේ ඇල්ල නමින් මෙය හදුන්වා ඇත. තරමක් ගැඹුරින් වැඩි නිසා නෑමට යාම අවදානම් සහිත ය.
"පැට්නා" දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ තේ වත්තක් මැද පිහිටි අපූරු ස්ථානයකි. දිය සීරාවක් විදියට ඉහළ සිට පහළට ලිස්සාගෙන ගමන් කළ හැකි ආකාරයේ පැතලි වක් විශාල ගල් තලයක් මෙහි තිබේ. මෙය බොහෝ විනෝදාස්වාදය ලද හැක්කකි. තරුණ මහලු සියල්ලන් ම මෙහි පැමිණ විනෝද වන ආකාරය හා සතුටු වන ආකාරය නිරතුරුවම දැකිය හැකිය.
සිංහරාජය ලෝක ප්‍රකට ජෛව විවිධත්ව පද්ධතියකි. සිංහරාජ වනාන්තරයේ එක් ප්‍රවේශ දොරටුවක් දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ පිහිටා තිබේ. නිවර්තන වැසි වනාන්තර කාණ්ඩයට අයත් වන සිංහරාජ වනාන්තරය විශාල දිය ඇළි ප්‍රමාණයක් , වන සතුන් රැසක් හා පුළුල් ශාක ව්‍යාප්තියක් සහිත ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියකි.
දෙනියායේ සංචාරය කරන සංචාරකයන් හට නවාතැන් පහසුකම් ලබාදෙන ඉතා උසස් තත්ත්වයේ නවාතැන් බොහෝ ප්‍රමාණයක් ද ස්ථාපිත ව ඇත. සිංහරාජය නරඹන සංචාරකයන්ට වනාන්තරය මද්‍යයේ පවතින නවාතැනේ නවතින්නට ද හැකියාව තිබේ.
කාර්යබහුල ජීවිතයෙන් මිදී නිදහසේ සුන්දර නිවාඩුවක් ගත කරන්නට දෙනියායේ සංචාරය තුළින් හැකියාව ලැබේ. ඒකාකාරී ජීවන රටාවෙන් මදකට මෑත් ව පරිසරය සමග සමීප ව කල්ගත කිරිමට දෙනියාය සංචාරය වඩාත් යෝග්‍ය වේ.
සංචාරකයන් ලෙස පරිසර සුන්දරත්වය විද එය අපවිත්‍ර නොකර පිය සටහන් පමණක් ඉතිරිකර ඒමට වග බලා ගත යුතුය.
මූලාශ්‍ර
www.lifie.lk
www.facebook.lk
www.srilankatravelpages.com
❤️❤️
ReplyDelete