බස්නාහිර පළාතේ පිහිටි සුන්දර ඉසව්වක් ලෙස සීතාවක හදුන්වා දිය හැක. 2008 වර්ෂයේ දී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක නම් කර ඇත. මෙය බස්නාහිර පළාතට අයත් අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇත. මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් 43 නොහොත් අක්කර 106 ක් පමණ වේ.
උද්‍යානය ආරම්භ කිරීමේ පරමාර්ථය වී ඇත්තේ අභියෝගයට ලක්ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තර වල පවතින වෘක්ෂලතා ආදිය මතු පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරක්ෂිත මධ්‍යස්ථානයක් බිහි කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වේ. තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද මෙය ස්ථාපිත ව ඇත.
දිගුකාලීන අප්‍රසිද්ධියක් නැති ශාක හා ඌන උපයෝජිත ශාක වර්ග දැක බලාගැනීමට ද ඖෂධීය ශාක කර්මාන්තයේ වර්ධනය සදහා ද තෙත් කලාප තුළ උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මහජනතාවට සේවා සපයයි.
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකින් ලගා විය හැක.
උද්‍යානයේ බිම් සැකසුම උද්‍යානය තුළ භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම් තේ වගාව, මීවන උයන, රුක් උයන, තර්ජිත ශාක, තාල ශාක , මුදුන් උයන , රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව ආදි ලෙස ය. මෙම වැවෙහි හංස බෝට්ටු පැදීමට හැකිය. මෙහි තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට බොහෝ දෙනෙක් වෙන්කරවා ගනී.
උද්‍යානය උදෑසන 7.30 සිට සවස 6.00 දක්වා විවෘත ව ඇත. කාර්‍යබහුලත්වයෙන් පිරි නාගරික ප්‍රදේශයක මෙවන් සුන්දර භූමියක් පවතින්නේදැයි සිතා ගත නොහැකි තරම් ය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන මනසික නිදහස නිස්කලංක බව පවතින සුන්දරත්වය පිරි පාරාදීසයක් ලෙස සීතාවක හදුනා ගත හැක .
උණුසුම් පරිසරයෙන් මදකට මිදී ගත සීත කරන තෙත් පරිසරක ආශ්වාදය විදගන්නට සීතාවක සංචාරයට එකතු කර ගන්නට සිහිතබා ගන්න.
මූලාශ්‍ර
www.savariyak.blogpost.com
www.facebook.com
www.ewinsal.com
No comments:
Post a Comment