මෙම දිය ඇල්ලේ උස අඩි 95ක් හෙවත් මීටර 30ක් පමණ වන බව සදහන් වේ. මෙය උපදින්නේ කළු ගගේ අතු ගංගාවක් වන කුරු ගංගාව මගින් බව තහවුරු කර ඇත.
බෝපත් ඇල්ල නමින් නිර්මාණය වී ඇත්තේ හොදින් ජලය ඇති කාලයට එය බෝ කොළයක ආකාරයෙන් හැඩයෙන් ජලය විහිදුවමින් කඩා හැලෙන නිසාවෙනි.
දිය ඇල්ල කුරුවිට අගල්වත්ත ගම තුළ සැගව පවතී. එයට ලගාවිය හැකි මාර්ග දෙකක් ද වේ. කොළඹ රත්නපුර මාර්ගයේ හිග්ගස්හේන හන්දිය හරහා ද අනෙක් මාර්ගය වැටී ඇත්තේ කුරුවිට පොලීසිය අසලින් ද වේ.ප්‍රධාන මාර්ගයේ සිට 3km ක් පමණ දුරක් ගමන් කිරීමෙන් ඇල්ල වෙත ළගා විය හැකිය. GPS තාක්ෂණික සිතියම හරහා ද ස්ථානය පහසුවෙන් සොයා ගත හැක.
මෙම දිය ඇල්ල ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇත. එනම් දිය ඇල්ල දක්වා ගමන් මාර්ගය වෙළඳසැල් වලින් පිරී ඉතිරී ඇත. කුරුවිට ප්‍රාදේශීය සභාව මගින් ඇල්ල අසල රථ ගාලක්, නැරඹුම් මැදිරියක් හා වැසිකිලි පහසුකම් සපයා ඇත. ඒ නිසා ප්‍රවේශ පත් ලබා ගැනීම අනිවාර්ය වේ. පටු විවරයක් හරහා ඉතාමත් රමණීය ය දර්ශනයක් විහිදුවාලමින් කඩා හැලෙන මෙම දිය ඇල්ල අවට ප්‍රදේශය ජෛව විවිධතවයෙන් ඉතා ම ඉහළ ය.බෝපත් ඇල්ල අසල දිය නෑම භයානක වන අතර මේ ඇල්ල අවට දිය නෑමට ගොස් මියගිය සංඛ්‍යාව 80කට වැඩි බව සදහන් වේ. ඉහළ ප්‍රදේශයේ වර්ෂාපතනය අනුව හදිසියේ දිය ඇල්ලේ වතුර පහර වේගවත් විය හැකිය.
දිය ඇල්ල අවට කලාපයේ නිධානයක් ඇති බවට ද ජන මතයක් පවතී. මෙම අඩවියට සුමන සමන් දෙවියන්ගේ බැල්ම පවතින බව ද සදහන් වේ. පෙර රාජ්‍ය පාලකයින් දිය නෑමට මෙම ඇල්ල අසල කලාපය භාවිතා කළ බව ජනප්‍රවාද වල සදහන් වේ.බොහෝමයක් දෙනා ඇල්ලේ ඉහළ කලාපයට යාමට උත්සහ කරයි. ඇල්ලේ පාද පොකුණ තෙක් පිවිස දිය ඇල්ල නැරඹීමට උත්සාහ කරයි. මෙය ඉතා අවදානම් වූ නොයා යුතු ගමනකි. මන්ද යත් සිටි හැටියේ වතුර වැඩිවීමක් සිදු වුවහොත් එය අතිශය භයානක වන්නකි. එවන් තත්ත්වයන් නිරන්තරයෙන් මෙහි සිදු ව ඇත.පොලිතීන් ප්ලාස්ටික් වලින් මෙම පරිසරය විනාශ නොකරන ලෙස ද සිහිපත් කළ යුතුය. මත් ද්‍රව්‍ය භාවිතා කරමින් අශීලාචාර ලෙස හැසිරීමෙන්ද වළකින ලෙස ද මතක් කළ යුතුම ය.
මූලාශ්‍ර
www.sltraveler.lk
www.facebook.lk
No comments:
Post a Comment