සොළොස්මස්ථාන අතුරින් පළමු වැන්න වන්නේ මහියංගන සෑ රජාණන් වහන්සේ ය. බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූයේ මහියංගනය වෙත ය . බුදුන් ජීවමාන සමයේ ශ්‍රී ලංකාවේ විසූ යක්ෂ නාග ග්‍රෝත්‍රිකයන් අතර දරුණු සටනක් ඇති විය. මෙය නතර කර මැඩ පැවැත්වීම සදහා බුදු රජාණන් වහන්සේ වත්මන් මහියංගනය දාගැබ පිහිටි ස්ථානයට ඍධි බලයෙන් වැඩම කළ බව ජනප්‍රවාදයේ සදහන් වේ. එහි දී කෝපාවිෂ්ට වූ යක්ෂ සහ නාග ග්‍රෝත්‍රික ජනයා දුණු ඊතල අහසට විදින්නට වූහ. එහිදී බුදුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යය පාමින් යක්ෂයන් සහ නාගයන් දමනය කළ බව ජනප්‍රවාදයේ සදහන් වේ.
බුදු රජාණන් වහන්සේ එම අවස්ථාවේ දී දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කිරිමෙන් යක්ෂ සහ නාග ග්‍රෝත්‍රකයන් සටන අතහැර සමාදාන වූ බව ද පසුව යක්ෂ ග්‍රෝත්‍රිකයන් වාස භූමි අත්හැර ගිරි දිවයිනේ වාසය කිරීමට යන ලදි.
මෙහිදී තවත් සිදුවීමක් සිදු විය. එනම් එම ධර්මය ශ්‍රවණය කිරීමට එහි පැමිණ සිටි සමන් බොක්සාල් නම් නාග පුද්ගලයා බුදුබණ අසා සෝවන් ඵලයට පත් විය. සමන් බොක්සාල් පසුව සුමන සමන් දෙවියන් ලෙසින් අප හදුන්වනු ලබයි.
සුමන සමන් දෙවියන් වන්දනාමාන කිරීම සදහා යමක් ඉල්ලිමෙන් පසු බුදු රජාණන් වහන්සේ තම හිස අත ගා කෙස් මිටක් දුන් බව පුරාණයේ සදහන් වේ.
එම කේෂ ධාතුන් වහන්සේලා රන් කරඩුවක තැම්පත් කර මිනිපේ මහා නාග උයන වන වර්තමානයේ මහියංගන චෛත්‍යය පිහිටි ස්ථානයෙහි ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍යය වන මහියංගන සෑය ඉදි කෙරිණි. මෙම චෛත්‍යය "මියුගුන දාගැබ", " මල් සෑය" ආදි නම් වලින් ද හදුන්වනු ලබයි. මෙය වනාහි දිව්‍ය පුත්‍රයෙකු විසින් ගොඩ නැගූ පළමු සෑය ලෙස සදහන් වේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුන්ගේ ග්‍රිව ධාතුන් වහන්සේ මෙම චෛත්‍යයේ තැම්පත් කර රියන් 12 ක් උස චෛත්‍යයක් සාදා ඇත. ග්‍රීව ධාතුව තැම්පත් කර සාදන ලද මියුගුණ දාගැබ සදහා විශේෂිත වු පාෂාණ වර්ගයක් හිමාලයේ සිට රහත් සාරභූ තෙරුන් විසින් රැගෙන පැමිණි බව සදහන් වේ.
දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වු උද්දචුලාභය කුමරු විසින් මුයුගුණ සෑය රියන් 30 ක් උස්ව ප්‍රතිසංස්කරණය කරවා ඇති අතර දුටුගැමුණු රජතුමා මියුගුණ සෑය රියන් 80 ක් උස් වන සේ ප්‍රතිසංස්කරණය කළ බව සදහන් වේ. තව ද සිරි සගබෝ රජු, අග්බෝ රජු, පරාක්‍රමබාහු රජු යන රජවරු විසින් වරින් වර මෙම චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවා ඇත.
මෙරට විදේශීය ආක්‍රමණයට යටත් ව තිබු කාල වකවානුව තුළ මහියංගන දාගැබ නටබුන් ලෙස තිබී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා බිහි කළ චෛත්‍යය වර්ධන සමිති හරහා වර්තමානයේ දක්නට ලැබෙන චෛත්‍යය නිර්මාණය කර ඇත. අඩි 138 ක් උසින් යුක්තය . 1961 ප්‍රතිසංස්කරණයෙන් පසු කොත් පලදවා ඇත. චෛත්‍යය ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේ අඩි 23 කට පමණ ඉහලින් චෛත්‍යයේ ධාතු නිදන් කරන ලද ධාතු ගර්භයක් හමු වී ඇති අතර එය හතරැස් වු අතර එහි බිත්ති වල චිත්‍ර ඇද තිබූ බව සදහන් වේ. ඒවා මේ වන විට අනුරාධපුර ජාතික කෙෘතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
සංඝමිත්තා තෙරණිය විසින් රැගෙන එන ලද ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුර මහාමෙවුනා උයනේ රෝපණය කරන උත්සව අවස්ථාවට පැමිණි මහියංගනයේ පාලකයන්ට මෙම ඵලරුහ බෝධි අංකුරය ලැබුණු බව සදහන් වේ.
මෙම බෝධිය ඉදිරි පිටදී සිරි සගබෝ කුමාරයා රැකීමට නන්ද නම් ස්වාමින් වහන්සේට භාර කර ඇති බව සදහන් වේ. මෙම බෝධිය "සංඝමිත්ත බෝධිය" ලෙස හදුන්වන්නේ එහෙයිනි. සිරි සගබෝ කුමරු උපදුනු ස්ථානයේ පිහිටා ඇති "විලිරූ ගල" ද මෙම බෝධිය ඉදිරියේ ඇති බව පුරාණ මතයයි.
බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරමින් ගමන් කරන බැතිමතුන් ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වන පූජනීය ස්ථානයක් ලෙස මහියංගන සෑ රදුන් හදුන්වා දිය හැක.
මූලාශ්‍ර
www.dinamina.lk
www.facebook.lk
www.budusarana.lk
No comments:
Post a Comment