Friday, December 31, 2021

ගාලු කොටුව

දකුණු පුරවරයේ ගාල්ල ලෝක උරුම නගරයකි. මෙය සුන්දරත්වයෙන් ද ඓතිහාසික වටිනාකමකින් ද ඉතාම වැදගත් සුප්‍රසිද්ධ භූමියකි.  වර්ග සැතපුම් 6.5 ක පමණ භූමි භාගයක් පුරා පැතිර ඇති ගාලු නගරය අතීතයේ සිට ම වෙළඳ නගරයක් ලෙස ප්‍රචලිතව  ඇත.  ගාලු වරාය පෙරදිග දියුණු වරායක් මෙන් ම වෙළඳ මධ්‍යස්ථානයක් ද විය. ක්‍රි.ව. 1505 දී  පෘතුගීසි සෙන්පති ලොරෙන්සෝ ද අල්මේදාගේ ගාලු වාරයට සම්ප්‍රාප්ත වීම සමග ගාල්ල සුවිශේෂි ස්ථානයක් බවට පත් වීම ආරම්භ විය.

ගාල්ලේ පැරණිතම ඓතිතිහාසික සැලැස්ම  ටොලමිගේ ක්‍රි.ව. 125-150 ලෝක සිතියමයි. එය ඉතාම  කාර්යබහුල වරායක් වූ බව පෙනේ. එකල ශ්‍රී ලංකාව ග්‍රීසිය , අරාබි රටවල් , චීනය සහ වෙනත් රටවල් සමඟ වෙළඳාම් කරන ලදි. කොස්මාස් ඉන්ඩිකොපල්ස්ටෙස්ගේ විශ්වීය විද්‍යාව තුළ එය “ලෙවන්ට්ගේ ඇමතුම් වරායක්” ලෙස සඳහන් කර ඇත.  ලොරෙන්සෝ ද අල්මේදාගේ නායකත්වය යටතේ පෘතුගීසීන් 1505 දී දිවයිනට ගොඩබසින ලද වරාය මෙයයි. එවකට ධර්මපරාක්‍රම බාහු (1484–1514) සමඟ ඔවුන්ගේ කිට්ටු මිත්‍රත්වයක් විය.  පෘතුගීසීන් මෙහි පැමිණීමට පෙර ඉබන් බතූතා මෙම වරායේ කඳවුරු ලා තිබුණි. 1541 දී බලකොටුව ඇතුළත ෆ්‍රැන්සිස්කන් දේවස්ථානයක් (වර්තමානයේ බොහෝ දුරට නටබුන් වී ඇත) පෘතුගීසීන් විසින් ඉදිකරන ලදි. බලකොටුවේ ඉතිහාසයේ ආරම්භය මෙමගින් සනිටුහන් විය. පසුකාලීනව බලකොටුව සිර කඳවුරක් ලෙස භාවිතා  කළේය. පෘතුගීසීන් ගාල්ලේ සිට කොළඹට ගොස් සිටිය දී  1588 දී සීතාවක පළමුවන රාජසිංහ රජු (1581–93) විසින් ඔවුන්ට පහර දෙන්නට විය. පෘතුගීසීන්ට නැවත ගාල්ල වෙත යාමට සිදු විය. ගාල්ලේ  ඔවුන් මුලින් ම තල් ගස් හා මඩ වලින් කුඩා බලකොටුවක් ඉදි කළහ. ඔවුන් එය "සැන්ටා කෘස්" ලෙස හැඳින්වූ අතර පසුව එය ඔරලෝසු කණුවක් සහ බලකොටු තුනක් සහ වරාය ආරක්ෂා කිරීම සඳහා  දිගු කළහ.


1640 දී ලන්දේසීන් දෙවන රාජසිංහ රජු සමඟ අත්වැල් බැඳගෙන ගාලු බලකොටුව අල්ලා ගැනීමත් සමඟ සිදුවීම් වෙනස් විය. කොස්ටර් යටතේ මිනිසුන් 2500 ක් පමණ සිටි ලන්දේසීන් 1640 දී පෘතුගීසීන්ගෙන් බලකොටුව අල්ලා ගත්හ. සිංහලයන්ට සුදුසු තත්වයක් නොවුනත්, වර්තමාන ස්වරූපයෙන් ලන්දේසි ගෘහ නිර්මාණ ශෛලියට අනුව බලකොටුව ඉදිකිරීමට ඔවුහු දායක වූහ. 

18 වන ශතවර්ෂයේ මුල් භාගය දක්වා බලකොටු එකතු කරන ලදී. මෙම ආයතනය රාජ්‍ය පරිපාලන ගොඩනැගිලි, ගබඩාවන් සහ ව්‍යාපාරික ආයතන සහ නේවාසික නිවාස වලින් සමන්විත විය. 1775 දී රෙපරමාදු පල්ලියක් (ඒබ්‍රහම් ඇන්තෝනිස් විසින් සැලසුම් කරන ලදි) යටත් විජිතවාදීන්ට සහ ක්‍රිස්තියානි ආගමට හැරුණු දේශීය ජනතාවට ආහාර සැපයීම සඳහා බැරොක් ශෛලියෙන් ඉදිකරන ලදි. බලකොටු සංකීර්ණයේ වඩාත් කැපී පෙනෙන ගොඩනැගිලි වූයේ අණදෙන නිලධාරියාගේ නිවස, අවි ගබඩාව සහ තුවක්කු නිවසයි. වඩු කර්මාන්තය, ස්මිති, ලණු සෑදීම වැනි වැඩමුළු වැනි වෙළඳ හා ආරක්ෂක අවශ්‍යතා සපුරාලන කොටුවේ ඉදිකර ඇති අනෙකුත් ගොඩනැගිලි අධික වඩදියක දී ගංවතුරට යටවී අපද්‍රව්‍ය මුහුදට ගෙනයාමේ විස්තීර්ණ මලාපවහන පද්ධතියක් ද ඔවුහු ගොඩනඟා ගත්හ.


කොළඹ අල්ලා ගැනීමෙන් සතියකට පසු 1796 පෙබරවාරි 23 වන දින බ්‍රිතාන්‍යයන් බලකොටුව අත්පත් කර ගත්හ. 1815 සිට 1948 දී ස්වාධීන දූපත් රාජ්‍යයක් බවට පත්වන තෙක් ශ්‍රී ලංකාව නිල වශයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවතුනි. දහනව වන ශතවර්ෂයේ මැද භාගයේ දී බ්‍රිතාන්‍යයන් කොළඹ ඔවුන්ගේ අගනුවර සහ ප්‍රධාන වරාය ලෙස සංවර්ධනය කිරීමෙන් පසුව ගාල්ලේ වැදගත්කම අඩු විය.

 වර්තමානයේ  දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවතින  ස්ථාන අතර ට ගාලු කොටුව ද අයත් වේ. සුන්දර මනරම් වෙරළ තීරය , හිරු බැස යන සන්ධ්‍යාව , වෙරළ ක්‍රීඩා බොහෝ සේ දක්නට ලැබේ. කොටු පවුරේ සිට ගැඹුරු දියඹට පැන විශ්කම් පාන තරුණයන් බොහෝ දෙනාගේ අවධානය දිනා ගනී.

දකුණේ සංචාරයට පැමිණෙන බොහෝ දෙනාගේ ප්‍රථම නැරඹුම් ස්ථානය වන්නේ ගාලු පවුර යි. ගාල්ල කෞතුකාගාරය නැරඹීමට ද අමතක නොකළ යුතු ය. එමෙන් ම පරිසරය පවිත්‍ර ව තබා ගනිමින් මතු පරපුර සදහා ද මෙම ලෝක උරුමයන් සංරක්ෂණය කර තැබීමේ යුතුකම ඉටු කළ යුතුය.

 මූලාශ්‍ර :

https://www.galleharitage.gov.lk

https://www.galle.mc.gov.lk


රූමස්සල කන්ද

 දකුණේ  පිහිටි රූමස්සල කන්ද තවත් එක් සුන්දර ස්ථානයකි. උණවටුන ප්‍රදේශයේ පිහිටි මෙම කන්ද ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත.  වනාන්තරයත් සමඟ කදු මුදුනේ පිහිටි කුඩා විහාරස්ථානයෙන් එය දුරට අලංකාර ස්වභාව සෞන්දර්යයෙන්  හඳුනාගත හැකිය.

තෙත් කලාපයට ආවේණික ශාක වර්ග මෙන්ම වියළි කලාපයට ආවේණික කටු පඳුරු ශාක වර්ග ද, ශුෂ්ක රූපී ලක්‍ෂණ සහිත ශාක, කඩොලාන විශේෂ, වැලි තලා, මුහුදු වෙරළ ආශ්‍රිත ශාක වර්ග රූමස්සල කන්දේ හා ඒ අවට පරිසර පද්ධතියේ බහුලව දැකිය හැක. රූමස්සල යනු මුහුදු මට්ටමේ සිට මීටර් 110 පමණ උසින් පිහිටි රමණීය කඳු වැටියකි. මෙහි මුහුද දෙසට නෙරා ගිය තුඩු දෙකක් දැකිය හැකි අතර ඉන් එකක් ගාලු වරාය සඳහා යොදාගෙන ඇත. අනෙක් තුඩුවෙහි සුප්‍රකට වැල්ලේ දේවාලය පිහිටා ඇත. රූමස්සල උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැකසී ඇත.   

ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි. ලොව ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා, මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුණු උල්කාපාතයකින් රූමස්සල කඳුවැටිය නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ. ඇතැම් විද්‍යාඥයින් මෙය සූර්යයාගෙන් කඩා වැටුණු උල්කාපාතයක් ලෙසද හඳුන්වයි. ඇල්ෆඩ් වෙග්නර්ගේ මහද්වීප ප්ලාවිත සංකල්පයට අනුව මෙය ඉන්දියාව දෙසින් පාවී ආ හිමාලයේ කොටසකි.   

මෙරටට පැමිණි ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා උණවටුන වෙරළ ආසන්නයේ වූ නිවසක (1970 සිට 1983 දක්වා) දීර්ඝ කාලයක් දිවි ගෙවමින් උණවටුන වෙරළේ සුන්දරත්වය විඳිමින් ඒ පිළිබඳව විදේශීය සඟරාවලට ලිපි ද සම්පාදනය කරනු ලැබ ඇත. උණවටුන මුහුදු වෙරළ ලොව ඇති සුන්දරම සහ මනස්කාන්ත වෙරළ 13 අතුරින් ප්‍රමුඛ ස්ථානය ගන්නා බවද ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර තිබේ.   

රූමස්සල බිහිවීම සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ එන්නේ රස මුසු කතා පුවතකි. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණ රජු ඇයව රූමස්සල කන්දේ වූ ගල් ලෙනක සිර කර තබා ඇත. සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණ රජු සමඟ සටන් කොට ඇය මුදා ගෙන ඇත්තේ රූමස්සල කන්දේ ඇය සිරකර තබා තිබූ ගල්ලෙන් දොරටුව අහුරා තිබූ දැවැන්ත ගල් කුළ ඔසවා විසි කර දමමිනි. ඒ අනුව රාම ඉස්සූ ගල යන අරුතින් ‘‘රාමස්සුගල’’ රූමස්සගල වී පසුව එය රූමස්සල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බවට මතයකි.

 රූමස්සල යන මග  සාගරය දෙපසේ දසුන් සහ වෘක්ෂලතා හරහා ඇවිදීමට සැකසී ඇත.  කඳු පාමුලට පිවිසෙන මාර්ගය පටු සහ ගල් සහිත වන අතර පයින් ගමන් කිරීම එහි සුන්දරත්වය විදින්නට  හොඳම මාර්ගයයි. රූමස්සල නරඹන්නට පැමිණෙන්නට වැලි සහිත වූ වෙරළ තීරයේ  විනෝදාස්වාදය ලැබීමට හැක.  වනාන්තරයෙන් වැසී පවතින  කන්දට යාබදව පිහිටි කුඩා බොක්ක ප්‍රදේශයකි. එය බොහෝ ප්‍රසිද්ධ ව ඇත්තේ 'ජංගල් බීච්' ලෙස ය.   විදේශිකයන් සහ ස්වදේශිකයන් බොහෝ ප්‍රමාණයක් මේ ආශ්‍රිත මුහුදේ පිහිනන ආකාරයන් දැක ගත හැක. වෙරළට පසු කන්දට ඝන වනාන්තර වෘක්ෂලතා මැදින් ගමන් කළ යුතු අතර එහි උච්චතම ස්ථානයේ ගාලු වරායේ විශිෂ්ට ලෙස දර්ශනය වේ. "පෘතුගීසීන් එයට බුවනෝස් විස්ටා යන නම තැබුවේය. එහි තේරුම හොඳ දර්ශනය යන්නයි "

 ඖෂධීය ශාක විශාල ප්‍රමාණයක් මෙන් ම මෙහි සත්ත්ව විශේෂ රැසකගෙන් ද පොහොසත් ය. කුරුල්ලන් විශේෂ අසූවක් සහ සමනලුන් විශේෂ හැත්තෑ පහකට වඩා මේ ආශ්‍රිතව  සොයාගෙන ඇත.  කඳුකරය ආසන්නයේ ඇති කෝවයේ ජලය සාගර ජීවීන් සහ කොරල්පර වලින් පොහොසත් ය.

වාල්මිකී විසින් රචිත රාමායණයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයේදී රාමගේ සොහොයුරු ලක්ෂ්මණයන් රාවණගේ හී සර පහරකින් විපතට පත්විය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සුපේෂණ ගේ ඉල්ලීම පරිදි හිමාල අඩවියෙන් ඖෂධ පැළෑටි කීපයක් ගෙන එන්නට හනුමන්තාට නියම කෙරිණි. මිනිසුන් දෙදෙනෙකු ගැහැනියක වෙනුවෙන් කරන ලද අනුවන සටන ගැන සිතමින් හිමාලය බලා ගිය හනුමන්තාට ගෙන ඒමට නියම කළ ඖෂධ පැළෑටිවල නම් අමතක විය. මේ නිසා හිමාලයේ වූ ඖෂධ පැළෑටි සහිත කන්දක්ම ඔහු විසින් රැගෙන එනු ලැබීය. එහි වූ ජාතවිශල්‍ය, සාවර්ණපකරණි, යංජීවකරණි, සත්වාන යන ​ඖෂධ වර්ගවලින් ඖෂධයක් සකසා නැහැයට ළං කොට හුස්ම ගැන්වූ කෙණෙහිම ලක්ෂ්මනයන් සුවය ලබා සිටි බව සඳහන් වේ.   

අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු හනුමන් රැගෙන ආ ඖෂධ පැළෑටි සහිත කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල වූ බවටද මතයකි. හිමාල වනයේ පමණක් දක්නට ලැබෙන ඖෂධ පැලෑටි බොහොමයක් අදටත් රූමස්සල කඳුවැටියේ දක්නට ලැබීමද විශේෂත්වයෙකි.   

අතීතයේ රූමස්සල සෘෂිවරුන් වාසය කළ බව ද ජනප්‍රවාදයෙන් තොරතුරු ලැබේ. ඔවුන් වාසය කළ බව කියන එහි වූ ගල් ලෙන් බොහොමයක් මේ වන විට ගල් බෝරකරුවන් විසින් ගල් බෝර ගසා විනාශ කර කළුගල් ලබා ගෙන ඇත. හිමාලයේ නොමැති ඖෂධ පැළෑටි පවා එවකට මෙහි තිබී ඇත. ඇතැමුන් ඉන්දියාවේ සිට ද දුර්ලභ ඖෂධ පැළෑටි සොයා මෙහි පැමිණ තිබේ. ඔවුන් ඖෂධ පැළෑටි වලට දැක්වූ ඉමහත් ගෞරවය නිසා ඒවා පෑගීමට අකමැත්තෙන් බිම දිගේ ඇදී ගොස් අවශ්‍ය කරන ඖෂධ පැළෑටි උදුරා ගත් බව පැරැන්නෝ කියති. ​අදටත් මෙම කඳුවැටියේ ඇති පැළෑටි වලින් බොහොමයක්ම ඖෂධ පැළෑටිය.   

රූමස්සල කළුනික පවතින බවට ද ජනප්‍රවාද ගත ​ෙතාරතුරු ලැබේ. ඖෂධ පැළෑටි සොයා පැමිණි බ්‍රාහ්මණයකු තමන්ට අවශ්‍ය කරන කෑම බීම සකස් කර ගැනීම සඳහා නුදුරු ගමක විසූ ඉතාමත් වයෝවෘද්ධ අයෙකු කැඳවා ගෙන පැමිණ තිබේ. දිනක් බ්‍රාහ්මණයා ඖෂධ පැළෑටි සොයමින් සිටිය දී මහල්ලා දිවා ආහාරය සකස් කරමින් සිට ඇත. බත උයමින් සිට ඇති ඔහු එය පැසීගෙන එද්දී අසල වූ ගසකින් කෝටුවක් කඩාගෙන ඉන් බත කූරු ගා බත් ටිකක් අතට ගෙන ඒවා අනුභව කර ඇත. සුළු මොහොතකින් එම මහල්ලාගේ අබල දුබලකම් සියල්ල නැති වී ගොස් ඔහුට නව ජීවයක් ලැබුණු බව සඳහන් වේ. ඖෂධ පැළෑටි සොයා ගෙන පැමිණි බ්‍රාහ්මණයා බත කූරු ගෑ කෝටුව පරීක්ෂා කර එය කළුනික ලෙස හඳුනාගත් බවද කියති.   

රූමස්සල ඈත අතීතයේ සිටම ‘‘රුහුණු ඔසු උයන’’ ලෙසින් හැඳින්විණි. 1991 දී කරන ලද අධ්‍යයනයකට අනුව ඖෂධ පැළෑටි 150ක් පමණ රූමස්සලින් සොයාගෙන තිබුණි. ඉන් ඖෂධ පැළෑටි වර්ග 141ක්ම රූමස්සලට ආවේණික වූ ඖෂධ පැළෑටි වර්ග වෙති. ශ්‍රී ලංකාවේ අතිශය දුර්ලභ ක​ෙඩාලාන විශේෂයක් වන කෝන්තාලං ශාක කීපයක් ද වැල්ලේ දේවාල භූමියේ දැක ගත හැක. ලෙඩ රෝග 108කට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන ආයුර්වේදයේ එන ‘‘ගොපලු ගුළිය’’ නම් ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස මෙම ගසේ ගෙඩි යොදා ගැනේ. 

රූමස්සල විශාල පාෂාණ නිධියකින් සමන්විත වන අතර තෙත්, ශුෂ්ක හා වියළි යන කලාප තුනටම අයත් ශාක එහි දැක ගත හැක. කුලුනු කන්ද නමැති ප්‍රදේශයේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් වර්ග දැක ගත හැක. අක්කපාන, පතොක්, දළුක්, නවහන්දි, පලු, ඊතන සහ ඉලුක් ඉන් සමහරකි. උණවටුන රජයේ රෝහල පිහිටා ඇති ප්‍රදේශයේ හෙල්දොඹ, කොට්ටම්බා, දන්කෙන්ද, වල් දෙල්, ගොඩපර, වැනි වැසි වනාන්තරවල වැවෙන ශාක දැකගත හැක.   

බටහිර වෙරළ තීරයේ මාවේවැල්, කිතුල්, ගොඩපර, කැරන් ආදී වැසි වනාන්තරවල වැවෙන ඖෂධීය ශාක දැකගත හැක. නිරිත හා දකුණු දිග පෙදෙසේ කඳු මුදුන් හි රත් මල්, මාදං, හිඹුටු වැනි ශුෂ්ක කලාපයේ වැවෙන පඳුරු දැක ගත හැක. රූමස්සල ආශ්‍රිතව දර්ශණීය සමනල විශේෂ 84ක් ද, නිරීක්ෂණය කළ හැකිය. පක්ෂි විශේෂ 72ක් නිරීක්ෂණය කළ හැකි අතර ඉන් මුහුදු රාජාලීන්ට සහ මුහුදු ලිහිණියන්ට විශේෂ තැනක් හිමි වේ. දඬු ලේනුන්, මුවන්, මීමින්නන්, පඳුරු කොටියන්, ඉත්තෑවුන් වැනි ක්ෂීරපායී සතුන්ද, නයා, පිඹුරා, පොළඟා, ඇහැටුල්ලා, පොළොන් තෙලිස්සා, මාපිලා වැනි සර්ප විශේෂයන්ද රූමස්සල දී දැකගත හැක.   


ශ්‍රී ලංකාවේ හමු වූ ඉහළම ජෛව විවිධත්වය සහිත කොරල් පරය ලෙස රූමස්සල කන්ද පාමුල ගාලු බොක්ක තුළ පිහිටි බොනවිස්ටා කොරල්පරය සැලකේ. ‘‘බොනවිස්ටා’’ යන පෘතුගීසි වදනේ තේරුම සුන්දර දසුන යන්නයි. සුන්දරත්වය අතින් වෙනත් කිසිදු කොරල් පරයක් හා සම කළ නොහැකි මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 491ක් සොයා ගෙන ඇත. මෙය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව වෙති. හික්කඩුව කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 168 වන අතර කල්පිටියට නුදුරින් පිහිටි කොරල් පරයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 286කි.   

ලෝක සංරක්ෂණ සංගමය (ICUN) 1993 ප්‍රකාශයට පත් කළ ජාතික තත්ව වාර්තාවට අනුව ලොව වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි නම් කර ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36ක්ම බොනවිස්ටා කොරල් පරයේ ජීවත් වෙති. මෙම කොරල් පරයයෙන් හමු වී ඇති මත්ස්‍ය විශේෂ 64ක්ම මෙරට වෙනත් කිසිදු ස්ථානයකින් වාර්තා වී නොමැත. කොරල් පරයක විශිෂ්ටත්වය මනිනු ලබන්නේ එහි වෙසෙන පනාවන් විශේෂ (Butterfly fish) සංඛ්‍යාව අනුවය. පනාවන් විශේෂ 36න් 25ක් මේ වන විට මෙම කොරල් පරයෙන් හමු වී තිබේ.   

සියයට 71ක් සජීවී කොරල්වලින් සමන්විත මෙහි පසැඟිල්ලන්, ඉකිරියන්, ඉස්සන්, කකුළුවන්, මුහුදු පනුවන් වැනි කොඳු ඇට රහිත සත්ව විශේෂ 300 පමණ වන අතර වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇති කොඳු ඇට පෙළ රහිත සත්ත්ව විශේෂ 89න් විශේෂ 39ක් මෙම කොරල් පරයේ වෙති.   


මෙම කොරල් පරයේ වෙසෙන තවමත් හඳුනාගෙන නොමැති සත්ව විශේෂ සංඛ්‍යාව හඳුනාගෙන ඇති සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා හතර ගුණයක් පමණ විය හැකි බව පර්යේෂකයින්ගේ මතයයි. 20 වැනි සියවස මුල භාගයේ ගාල්ලේ ජීවත් වූ ‘‘බෙනට්’’ නමැති විද්‍යාඥයෙකු මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 15 පමණ අලුතින්ම ලෝකයට හඳුන්වා දීමට සමත්ව තිබුණි. මෙය සමුද්‍රික මත්ස්‍ය ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකේ. 

රූමස්සල පලතුරු උයනක් පවතින බවත් එය දැක ගත හැක්කේ මං මුළා වී කුසගින්නේ අතරමං වූවකුට පමණක් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. කුසගින්න නිවා ගැනීමට ඇති තරම් පලතුරු මෙහිදී අනුභව කළ හැකි බවත්, පලතුරු රැගෙන ඒමට කිසිවෙකුටවත් නොහැකි බව ඒ අය කියති.  

රූමස්සල කඳුවැටියේ දකුණු දිග  දළ බෑවුමේ කුඩා කරදිය මලක් හෙවත් හුම්මානයක් දැකිය හැක. ඉන් වාරකන් සමයේදී මීටර් කිහිපයක් උසට මුහුදු රළ විහිදෙනු දැක ගත හැකිය. රූමස්සල කඳු වැටියේ බෑවුම් දෙකක් අතර පිරිසිදු ජලය ගලා හැලෙනා ‘‘බෙහෙත් දොළ’’ ලෙසින් හැඳින්වෙන දොළ පහරක් ද දැකිය හැක. මෙයින් දිය නෑ විට ‘‘දෙයියන්ගේ ලෙඩ’’ ඇතුළු බොහෝ ලෙඩ සුව වන බවට ද ප්‍රදේශවාසීන් තුළ විශ්වාසයක් පවතී. කළු ගල් කැඩීමත්, වනාන්තරය විනාශ කිරීමත්, හේතු කොට මෙම බෙහෙත් දොළ මේ වන විට සිඳී යාමට ලක් ව ඇත.   

කඳු නැගීමට  සහ සොබාදහමට සමීපව සිටීමට කැමැත්තක් දක්වන්නන්ට රූමස්සල සැබවින්ම සංචාරය කිරීමට සුදුසුම ස්ථානයකි. එහි ජනප්‍රියත්වයට කඳුකරය සහ ඒ ආශ්‍රිත වෙරළ නිරන්තරයෙන්ම  පාහේ දේශීය හා විදේශිකයන්ගෙන් පිරී පවතී. එ නිසා ම  බොහෝ විට එය තරමක් ඝෝෂාකාරී සහ දූෂිත වී ඇත. රූමස්සල  එක් වරක්වත් නැරඹිය යුතු ආකර්ශනීය ස්ථානයක් ලෙස පෙන්වා දිය හැක. 

 මූලාශ්‍ර :

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන් -  C.G. ඌරගොඩ (2000) ප්‍රකාශනය

https://www.lankadipa.lk

https://www.womanly.lk

Monday, December 20, 2021

නෙළුව දූවිලි ඇල්ල


 
නෙළුව දූවිලි ඇල්ල



 







ගාල්ල දිස්ත්‍රික්කයේ  සිංහරාජ වැසි වනාන්තරය දිය ඇලි 19 කින් සමන්විත වන අතර ඉන් 11 ක් ම ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ඒවා නම් පතන්ඔය ඇල්ල, සුදුවලිකොත ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල, හත්බින්න ඇල්ල, මල්මොර ඇල්ල, නෙළුව දූවිලි ඇල්ල, වතුගල ඇල්ල, ලංකාගම කැකුණ ඇල්ල, නෙල්ලුගොල්ල ඇල්ල සහ බෙරලිය දොළ ඇල්ලයි.

 නෙළුව දූවිලි  ඇල්ලේ ඉහළ කොටස මෙම ප්‍රදේශයේ වඩාත් ජනප්‍රිය ඇල්ලක් වේ.හිනිඳුම් කඳු අතරින් ගලා එන සීත සුලං මධ්‍යයේ  පැලවත්ත මොරවක මාර්ගයේ ගමන් කර  ඉහලට නගින පටු වංගු සහිත මොරවක මාර්ගයට වැටෙන කාපට් තීරුව තුරු ලතා දිය කඳුරු කඳු වැටි අතරින් දිවෙන මාර්ගයට අපූරු සුන්දරත්වයක් එක් කරයි. කඳු අතර පාවෙන මිහිදුම් වලා අතරින් ලා හිරු කිරණ මනාව දිස් වේ.

ගාලු දිස්ත්‍රික්කයේ හිනිඳුම් පත්තුවේ නෙලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්මුල්ල ග්‍රාමයේ මේ සුන්දර දිය ඇල්ල සිංහරාජය සතු අලංකාරම දිය ඇල්ල ලෙස සැලකේ. පහලට වැටෙන ජලය ජල බිඳිති ලෙස හාත් පස දූලි වලාවක් මෙන් විසිරෙන නිසා මේ දිය ඇල්ල දූලි ඇල්ල ලෙස හඳුන්වයි. කොළඹ සිට කලුතර හෝ හොරණ හරහා මතුගමට පැමිණ මීගහතැන්න පැලවත්ත හරහා නෙලුව මාර්ගයේ පැමිණ නෙලුව ආමි පාලම අසලින් හැරී ලංකාගම මාර්ගයේ 7 km පමණ ගමන් කිරීමෙන් කොස්මුල්ල දූලි ඇල්ල තේ කර්මාන්ත ශාලාව අසල ඇති මේ සුන්දර දිය ඇල්ල වෙත ලඟාවිය හැකිය. ගාල්ල උඩුගම නෙලුව හරහා හෝ දෙනියාය මොරවක හරහා පැමිනීමෙන්ද මේ වෙත ලඟා විය හැකිය.



 සංචාරක කර්මාන්තය වෙනුවෙන් සංවර්ධනය කරන ලද සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානය ලංකාගම පාරිසරික සංචාරක කලාපය පිටදෙනිය පාරිසරක සංචාරක කලාපය ආශ්‍රිතව මේ දිය ඇල්ල පිහිටා ඇත. උස 17 m පමණ වේ යැයි ගණන් බලා ඇති මේ සුන්දර ඇල්ල මුලු සිංහරාජයටම එක් කරන්නේ අපූරු සුන්දරත්වයකි. සිංහරාජය ආශ්‍රිතව මේ කොස්මුල්ල දූලි ඇල්ලට අමතරව ලංකාගම දූලි ඇල්ල මෝනින් සයිඩ් දූලි ඇල්ල හා කුඩව දූලි ඇල්ල ලෙස තවත් දූලි ඇලි තුනක් පිහිටා ඇත.

 නෙළුව නගරයේ සිට කිලෝමීටර 8 ක් පමණ දුරින්  ඇල්ල පිහිටා ඇත. ඇල්ල උසින් මීටර් 17 ක් සහ පළල මීටර් 1 ක් වේ. "දූවිලි" යන්නෙහි තේරුම  දිය ඇලි සඳහා බෙහෙවින් ජනප්‍රිය නමක් වන අතර එමඟින් පතුල වටා දූවිලි වලාකුළක් මෙන් දිස්වන මීදුම සහිත වාතාවරණයක් නිර්මාණය කරයි. එබැවින් සෑම දූවිලි ඇල්ලක්ම අද්විතීය ලෙස හඳුනාගනු ලබන්නේ ඇල්ල පිහිටි ගමේ හෝ නගරයේ නම එකතු කිරීමෙනි. මේ අනුව මෙම ඇල්ල නෙළුව දූවිලි ඇල්ල බවට පත්ව ඇත. මෙම ඇල්ල ලංකාගමට යන මාර්ගයේ කොස්මුල්ල නම් ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් සඳහා තරමක් ජනප්‍රිය ගමනාන්තයකි. මෙම ඇල්ල අවට ප්‍රදේශය හොඳින් නඩත්තු කර ඇති අතර ඇල්ල මුදුනට යාමට පියවර තනා ඇත.

සුදෝ සුදු පෙන කැටිති විසිරුවමින් දූලි ඇල්ල පහලට කඩා වැටෙයි. එසේ වැටෙන ජල දහරාව ඇල්ල තුල ඇති ගල් කුලු මත පතිත වී දූලි වලාවක් මෙන් අවට ජල බිඳිති විසිරුවයි. ඉහලින් වැටෙන ජල දහර එකතුවී යලිත් තවත් ඇල්ලක් ලෙස පහලට කඩා වැටෙයි. මෙලෙස තට්ටු කීපයකින් ඇලි කීපයක් සෑදෙයි. ගල් තලාව අතරින් ඇදී අවුත් පෙන පිඬු නංවමින් තවත් ගල් තලාවක් මතට ඇද වැටෙන ජල දහරාව මගින් නැගෙන හඬ වනයේ නිහඬතාව බිඳ දමයි.




ප්‍රධාන දිය ඇලි තුනකින් හා තවත් කුඩා දිය ඇලි කිහිපයකින් සමන්විත මේ දිය ඇල්ල මට්ටම් කීපයකදී නැරඹීමට හැකි වීම විශේෂත්වයකි. එකම ඇල්ල අවස්ථා කීපයකින් එනම් මට්ටම් කිහිපයකින් නැරඹීමේ අවස්ථාව ඇති එකම දිය ඇල්ලද මෙය වෙයි. ප්‍රධාන ඇලි තුනෙන් මැද පිහිටි ඇල්ලට ගිය විට ඉහලින් එක් ඇල්ලක් කඩා වැටෙන අයුරුත් එම ඇල්ලම තවත් ඇල්ලක් ලෙසට පහතට කඩා වැටෙන අයුරුත් මනාව නැරඹිය හැකිය.


 සිංහරාජ වනාන්තරයෙන් ඝනව ආවරණය වී ඇති මේ සුන්දර දිය ඇල්ල මතට කෙලින්ම හිරු එලිය වැටීමක් සිදු නොවේ. එබැවින් මධ්‍යහ්න කාලයේදී පවා දැඩි අඳුරු ගතියක් ඇල්ල තුල පවතී. කිසිවෙකුත් නොමැති අවස්ථාවක ඇල්ල තුලට ගිය හොත් බය හිතෙන තරමේ ගුප්ත බවක් මේ ඇල්ල තුල පවතී. දිය ඇල්ල පහතට වැටීමේදී ඇතිවන දෝංකාරය මේ ගුප්ත බව තවත් වැඩි කරයි.


 ගස්මුල් වල එල්ලෙමින් ඇල්ලේ ඉහලට ගමන් කල යුතුය. ඇල්ලේ ඉහල ඉතාමත් නිදහස් පරිසරයක් පවතී. මෙහි ඉහල ගල් තලාවක් පිහිටා ඇත. ගස්මුල් අතරින් කාන්දු වන ජලය මෙම ගල් තලාවට ඉහලින් එක් රැස්වී ජල තටාකයක් සාදයි. එම ජලය ගල් තලය අතරින් ඇදීගොස් දිය ඇල්ල නිර්මාණය වේ. ජල තටාකයට ඉහලින් ගලා එන දොල වාන ද ඇල්ල පෝෂණය කරයි. ගස්මුල් අතරින් ජලය කාන්දු වන අයුරු නැරඹීමට මෙය කදිම ස්ථානයකි. 


මෙම ජල තටාකයට බැස සිටින විට මුලු ශරීරයටම සිසිල් බවක් දැනේ. ජලයෙන් ලැබෙන සිසිලසත් වනයෙන් හමා එන මද පවනත් ආශ්වාදනීය හැඟීමක් එක් කරයි. ඇල්ලේ ඉහල ප්‍රදේශය ශාන්ත ස්වාභාවයක් ඉසිලුව ද ප්‍රධාන ඇලි තුනම අධික වේගයෙන් පහලට කඩා වැටේ. අධික ජල දහරාවක්ද මේවායේ පවතී.වසර පුරාවටම ඒකාකාර ජල ධාරිතාවක් ඇල්ලේ දැකීමට හැකිය. ඇල්ල තුල ගල් කුලු පිහිටීම නිසා අධික වේගයෙන් වැටෙන ජලය ගල් කුලු වල වැදී පෙන පිඬුමෙන් දසත විසිරී අවට පරිසරයම තෙත් කරයි.


පඩි පේලි දිගේ නැග්ගම ඇල්ල හොඳින් බලා ගන්නට හැකිය. පඩි පේලි ඉවර වෙලා කන්ද උඩටම නැගීමෙන් ඇල්ල පටන් ගන්න තැන ද නැරඹීමට හැකි වේ. හුඟක් දෙනෙක් ප්‍රධාන ඇලි තුන විතරක් බලා යන නිසා පඩි හදා ඇත්තේ ප්‍රධාන ඇලි තුනට විතරකි. ඇල්ල ඉහලට ගියා පසු ඇල්ලට වතුර ගලා එන හැටි බලා ගත හැක.
 ප්‍රධාන දිය ඇලි තුනකින් හා තවත් කුඩා දිය ඇලි කිහිපයකින් සමන්විත මේ දිය ඇල්ල මට්ටම් කීපයකදී නැරඹීමට හැකි වීම විශේෂත්වයකි. එකම ඇල්ල අවස්ථා කීපයකින් එනම් මට්ටම් කිහිපයකින් නැරඹීමේ අවස්ථාව ඇති එකම දිය ඇල්ලද මෙය වෙයි. ප්‍රධාන ඇලි තුනෙන් මැද පිහිටි ඇල්ලට ගිය විට ඉහලින් එක් ඇල්ලක් කඩා වැටෙන අයුරුත් එම ඇල්ලම තවත් ඇල්ලක් ලෙසට පහතට කඩා වැටෙන අයුරුත් මනාව නැරඹිය හැකිය.

කැලේ ඇතුලට ගමන් කිරීම අවධානම් වේ. පාර සොයා ගන්න අමාරු විය හැකිය.  කැලේ අවසන් වන්නෙ රත්නපුරේ දෙසිනි. වැදගත්ම දේ දිය ඇල්ල පා මුලට ගමන් කරන්නේ නම් ගල්වල දිය සෙවෙල බැඳී  ලිස්සන සුළු බව සිහි තබා  කල්පනාවෙන් යුතු විය යුතුය. ඇල්ලේ බාර කරු ලෙස M.I.G. සුනිල් මහතාගෙන් ඇල්ල පිළිබඳ  වටිනා උපදෙස් ලබා ගත හැක.

සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානය, ලංකාගම පාරිසරික සංචාරක කලාපය, පිටදෙනිය පාරිසරක සංචාරක කලාපය, සිත්තරා ලෙන වැනි ස්ථාන මේ අසල තිබීම නිසා විශාල ජනතාවක් මෙය නැරඹීමට පැමිණෙයි. සිංහලෙණ ආරණ්‍ය සේනාසනයද ඇල්ලට ඉහල ප්‍රදේශයේ පිහිටා ඇත. 

මෙහි පාලනයක් සහිතව කටයුතු සිදුවන නිසා වෙනත් ස්ථාන වල මෙන් පොලීතීන්, බෝතල් , කැලි කසල වලින් මෙම ස්ථානය අපවිත්‍ර වී නොමැත. ඇල්ල නැරඹීමට එන්නන් වෙනුවෙන් බොහෝ පහසුකම් සපයා ඇත. නැරඹීමට එන්නන් වෙනුවෙන් ක්‍රියාත්මක වන බස් සේවාවක්ද ඇත. නෙලුවෙන් උදේ 8.30 සිට ගමන් වාර කීපයක් ලංකාගම දක්වාම ක්‍රියාත්මක වේ.නෙලුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මේ දිය ඇල්ලට ඇතුලු වීමට ප්‍රවේෂ පත්‍රයක් මිල දී ගත යුතුය. ඇල්ල නැරඹීමට එන්නන් වෙනුවෙන් පහසුකම්  සපයා ඇත. 

මෙහි ඇතුලු විය හැක්කේ කාර්යාල වේලාව තුල පමනි.එනම් පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පමනි.නමුත් මෙය දින 7 පුරාම විවෘතව පවතී.මෙහි යොදා ඇති පාලන කටයුතු නිසා ඇල්ලේ සුන්දරත්වයත් පිරිසිඳු බවත් සුරැකී පවතී. ඇල්ල නැරඹීමට අත්වැල් සහිතව පඩිපේලි සකස් කර ඇත. එමෙන්ම ආහාර පාන ගැනීමට අවශ්‍ය ස්ථාන, විවේකාගාර , නාන ස්ථාන ඇතුලු පොදු පහසු කම් නොඅඩුව සපයා ඇත.




මූලාශ්‍ර

https://www.facebook.com

https://www.google.lk

https://www.lifie.lk



Tuesday, December 14, 2021

උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය

 උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය 


  දකුණු ලක පිහිටි තවත් සුන්දර වැදගත් වටිනාකමකින් යුතු ස්ථානයක් පිළිබඳ තතු මෙලෙස ගෙන හැර පෑ හැක. හුංගම , කළමැටිය , කුරුළු අභය භූමියට යාබද ව අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ පිහිටි උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය  විශාල සංචාරක ආකර්ෂණයක් දිනා ගත් පාරාදීසයක් ලෙස හදුන්වා දිය හැක. 


ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි  පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කර ඇති උස්සන්ගොඩ අභය භූමිය හෙක්ටයාර් 349 පමණ භූමි භාගයක පැතිර පවතී. වනජීවී  දෙපාර්තමේන්තුව 2010 සැප්තැම්බර් මස 30 වන දින මෙරට 21 වන ජාතික උද්‍යානය ලෙස උස්සන්ගොඩ ජාතික උද්‍යානය ගැස්ට් කර ප්‍රකාශ කර ඇත.


උස්සන්ගොඩ පිළිබඳ ජනප්‍රවාද රැසකි. පස පිළිබඳ පරීක්ෂණ පවත් වන පරීක්ෂකයන් පවසන්නේ මීට වසර බිලියන 15 පමණ පෙර උල්කාපාතයක් පොළොව මතට කඩා වැටී ගිනි ගැනීම නිසාවෙන්  මෙම අභය භූමියේ පස හා පාෂාණ පිළිස්සී රතු පැහැයෙන් යුක්ත වූ බවයි.


අතීතයේ රාවණා රජුගේ දඩුමොනරය නැමති යානය ගොඩ බස්වන ලද්දේ මෙහි බව ද රාවණා රජුගේ මාළිගාවක් මෙම ස්ථානයේ පැවති බවට ද මත පවතී. මංගර නම් දිව්‍ය පුත්‍රයා මෙහි විසූ බවද සදහන් වේ. කහ කුරුලු සංදේශයේ මෙන් ම බලි තොවිල් , මංගර හෑල්ල , මහසෝන් සමයම , දෙවොල් මඩු ශාන්ති කර්මය ආදියේ ද උස්සන්ගොඩ පිළිබඳ සදහන් වේ. අතීතයේ උස්සන්ගොඩ අනුහස් පැවති ස්ථානයක් බවත් මෙම භූමියට ඇතුළු වන මිනිසුන්ට උණ  රෝගයක් වැළදුනු බවත්  ආදිය නිසා මෙහි අදෘශ්‍යමාන බලයක් පවතින බවට ගැමි විශ්වාසයක් ඇත.


උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් තිබේ. . මෙය උල්කාපාතයක් කඩා වැටීමෙන් ‘උස් වූ ගොඩ’ පසුකාලීනව උස්සන්ගොඩ වූ බවට ජනප්‍රවාදයක් පවතී.”මංගර දෙවියන්ට වාහනය වෙලා තිබෙන්නේ කුළු මීමෙක්. ‘කදිර’ කියන්නේ එම කුළු මීමගෙ නම. දිනක් මෙම කදිර උස්සන්ගොඩ තිබෙන වළේ බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.” බවට ද අදහස් පවතී.

මානාභරණ නම් රජතුමා ඉස්සර උස්සන්ගොඩ රජමාළිගයක් හදාගෙන සිටි බවට ද  කථාවක් තිබේ. පසු ව  මහ මුහුදට ඒ රජ මාළිගාව බිලිවුන බවද කියවේ. ”පරෙයිගල” නැමැති ස්ථානයේ පිහිටි එම රජ මාලිගයේ සිටි රජතුමා යුද්ධයකට  ගිය බවත් තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරෂයින් විසින් රැගෙන එනු ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා තිබේ. 

අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට  සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත. සිය සැමියා මිය ගිය ගොස් ඇතැයි සිතූ භාර්යාවෝ සත් දෙනා සිය දිවි නසා ගන්නට සිතා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගඟේ අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගොස් තිබේ. එහෙම ගොස් ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එසේ පනින ලද එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයෙක් සමත් විය. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගත් බව කියවේ. පසුව  එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගෙන ඇත. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම කියන්නේ මේ ජනප්‍රවාදය නිසාය.


 උස්සන්ගොඩ පිහිටි රතු පස්  තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. මෙම රතු පස නිසා මෙහි ශාක නොවැඩේ. භූමිය පුරා කටු වන ලැහැබ පිහිටීම නිසා කාන්තාරයක ක්ෂේම භූමියක ස්වරූපයෙන් යුතුය. ශාක පැළවීමක් දැකිය නොහැකි අතර සුළං මගින් වෙනත් පස් අංශු ගෙන ඒම නිසා ආසන්නයේ පවතින කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී මෙම පරිසරය තුළ රදා පැවතිය හැකි ශාක  වන ලැහැබක් ලෙස  තැනෙන් තැන දැකිය හැක. 




උස් නොවූ තැනිතලා භූමියක අක්කර සියයක පමණ ගස් වැල් උසට නොවැඩී බිම් මට්ටමේ පවතී. දේවදාර, සූර්‍ය් ක්‍රාන්ති, විශ්ණු ක්‍රාන්ති, චන්ද්‍ර ක්‍රාන්ති වැනි ඖෂධීය ශාක කිහිපයක් පමණක් මෙහි දැක ගත හැකි වේ. ශාක ස්ථරය අවම හෙයින් වන සත්ත්ව ගහනය සීමිත ය. පක්ෂීන් ද අවම ය.




ලංකාවේ නව ගුවන් තොටුපළ පිහිටා තිබෙන්නේ  හම්බන්තොට යි. එ මෙන් ම ලංකාවේ පළවෙනි ගුවන් තොටුපළ ගැන තොරතුරු වාර්තා වන්නේ ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එය  උස්සන්ගොඩයි. උස්සන්ගොඩ තිබෙන්නේ මුහුද අද්දර තිබෙන තැනිතලාවක් මතය.මේ තැනිතලාව තරමක්  හොර්ටන් තැන්නට සමානය. මෙතන තිබෙන්නේ රතු පස් හා   අමුතු ජාතියේ ගල් කැබලි යි. තවද  මෙතන වෙරළේ දක්නට  ලැබෙන ස්වභාවය හරි අමුතුය. මේ අපුරු භූමියේ ගස් වැල් වැවෙන්නේ සීමිතවය . තිබෙන්නේ තෘණ විතරකි.  



උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානයට පිවිසීමට  වනජීවි කාර්‍යාලය මගින් ප්‍රවේශ පත්‍රයක්  ගැනීම අවශ්‍ය වේ.  වාහන වලින් ආසන්නයටම ගමන් කළ හැක. පවුලේ අය සමග එකතු වී නරඹන්නට යා හැකි  සුන්දර ස්ථානයක් ලෙස උස්සන්ගොඩ පෙන්වා දිය හැක.



 උස්සන්ගොඩ ට පැමිණෙන සංචාරකයන් තැන තැන කැළිකසළ දැමීම නිසා පරිසර පද්ධතියට හානි සිදු වී ඇත. උස්සන්ගොඩ සම්බන්ධ ව වගකිව යුත්තන්ගේ අවධානය තවමත් යොමු වී නැත.

 සංචාරකයන් ලෙස සුන්දරත්වය විද අන් අයටත් ඒ හැගීම ලබා ගැනීමට හැකි පරිදි පරිසරය තබා ගැනීමට කටයුතු කළ යුතුය. එවිට මතුවටත් එම ස්ථාන නැරඹීමට සැමට අවස්ථාව හිමි වනු ඇත.


මූලාශ්‍ර

 https://www.tripadvisor.com

https://www.elakiri.lk

https://www.srilankatrips.com

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...