Friday, January 14, 2022

බුන්දල ජාතික වනෝද්‍යානය



හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි බුන්දල ජාතික වනෝද්‍යානය  සංචාරක තෝතැන්නකි. බුන්දල වනෝද්‍යානය හම්බන්තොට සැරිසරන විට විවිධ දිශාවන්ගෙන් මුණ ගැසේ.  බුන්දල ජාතික වනෝද්‍යා­නය රැම්සා සම්මුති ගත වීමත් සමග වටි­නාකමින් සහ ප්‍රසිද්ධ තෙත්බිමක් බවට පත් විය. 

1969 දෙසැ­ම්බර් මස 12 වන දින වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගැසට් අංක 14887 යටතේ බුන්දල අභය භූමි­යක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. එහි දැඩි  ආර­ක්ෂාව  සදහා 1992 දෙසැ­ම්බර් 31 දින බුන්දල ජාතික වනෝ­ද්‍යා­න­යක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද සිදු විය. 1996 දී ශ්‍රී  ලං­කාවේ ප්‍රථම වරට අන්තර් ජාතික වටි­නා­ක­මක් හිමි­ක­ර­ගත් තෙත්බිමක් ලෙස බුන්දල ජාතික වනෝ­ද්‍යා­නය ජාත්‍ය­න්තර ලේඛ­න­යට එක් විය.  

බුන්දල , ආනවිලුන්දාව , මාදුගඟ මෙලෙස රැම්සා සම්මු­තියේ තෙත්බිම් ලෙස නිර්දේශ වූ ඒවාය.  බුන්දල ජාතික වනෝ­ද්‍යා­නය රැම්සා තෙත්බි­මක් ලෙස නිර්දේශ වීම සඳහා බලපානු ලැබූ ප්‍රධාන සාධක නම් උත්ත­ර­ධ්‍රැ­වයේ සිට දක‍ෂිණ ධ්‍රැවය දක්වා පියාසර කරන පක‍ෂීන්ගේ අව­සන් නවා­තැන බුන්දල වීම, වර්ෂය පුරා පියාසර කරන පක‍්ෂීන් 20,000 කට අධික ප්‍රමා­ණ­යක් ආහාර හා වාස­ස්ථාන සොයා බුන්දල ට  ගොඩවීම , ගං මෝය හා ලවණ හැල් සහිත තෙත් බිම් පරි­සර පද්ධතියක් බුන්දල  පිහි­ටීම , පියාසර කරන පක‍ෂීන්ගේ දුලබ ආහා­ර­යක් වන "ආටි­මියා ප්ලවාංග"  හා කඩො­ලාන විශේෂ සහිත පරිසර පද්ධති හා ආහාර බිම් බහුල වශයෙන් බුන්දල  පිහි­ටීම  යනාදියයි.

ශ්‍රී ලංකාව ජෛව විවි­ධ­ත්වයෙන් ප්‍රමුඛතම  රටකි.  ලෝක ව්‍යාප්ත ජෛව විවි­ධත්ව ස්ථාන පිළි­බ­ඳ  පර්යේ­ෂණය තුළ ලංකාව  25 වන ස්ථානය හිමි කර ගනී. හෙක්ට­යාර් 6200 ක භුමි ප්‍රමාණයකින් සම­න්විත බුන්දල ජාතික වනෝද්‍යානය භූගෝ­ලීය වශ­යෙන් කලාප 03 ක් ලෙස දැක්විය හැකි වේ.  

1. වෙරළ තීරය හා වැලි කඳු සහිත ප්‍රදේශ

2. කලපු හා බාහිර වෙරළ තැනි­තලා කලා­පය

3. අභ්‍ය­න්තර වෙරළ කලා­පය  

 එමෙන්ම මෙහි ඇති කලපු අතර  

1. මහ­ලේ­වාය කල­පුව

2. කොහො­ල­න්කල කල­පුව

3. මලල කල­පුව

4. ඇඹි­ලි­කල කල­පුව

5. බූන්දල ලේවාය කල­පුව   

හදුනා ගත හැක. 

ශාක විශේෂ 90 ක්  පමණ වාර්තා වන අතර  කාෂ්ඨිය ශාක  වර්ග 16 ක්, පැළෑටි වර්ග 37 ක්, ඖෂධීය  ශාක වර්ග 16 ක් හා පඳුරු ශාක වර්ග 21 ක් පමණ මෙහි දැකිය හැක. කාශ්ඨිය ශාක අතර පලු, සූරියා, බුරුත, දිවුල්, ආදී ය ද   පැළෑටි වර්ග ලෙස නීර­මු­ල්ලිය, මුඩු­ම­හන, මදු­රු­තලා, හෙල­මල් ආදිය ද වැල් වර්ග අත­ර ආරෝ­හණ, හාත­වා­රිය ආදිය ප්‍රධාන වේ. මෙහි ප්‍රමුඛ ශාක කාණ්ඩය පඳුරු ශාක­යන් ය. වියළි බව‍ට ඔරොත්තු දෙන ශාක මෙහි බහුලව පවතී.  


බූන්දල වඩාත් ප්‍රච­ලි­ත ව ඇත්තේ කුරුලු පාරා­දී­ස­යක් ලෙසිනි. ලංකාවේ වෙසෙන නේවා­සික ජලජ පක්ෂීන් බහුතරය නිර­තු­රු­ව ම හදුනා ගත හැක. පක්ෂින් 20000 කට වැඩි ප්‍රමා­ණ­යක් බුන්දල දී නිරී­ක්ෂ­ණය කළ හැක.

පර්යේ­ෂණ අනුව වර්ග 150 කට අයත් කුළ 53 ක‍ට ගැනෙන පක්ෂි විශේෂ 53 ක් බුන්දල වනෝද්‍යානය තුළින්  වාර්තා වී ඇත. මේ අත­රින් සංචා­රක පක්ෂි විශේෂ 50 ක් පමණ දැක ගත හැකි අතර ඉන් විශේෂ 08 ක් දුර්ලභ වේ. බුන්දල වනෝ­ද්‍යා­නය තුළ දැකිය හැකි එකම ආවේ­ණික පක්ෂියා වන්නේ වළි­කු­කු­ළා ය.  තව ද ජාත්‍ය­න්තර වශ­යෙන් වඳවී යාමේ තර්ජන­යට ලක්ව ඇති පැස්තු­ඩුවා, දම් සිලු‍ටු දෑ තුඩුවා බුන්දල දී දැකිය හැක. ලංකාවේ විශා­ලම පක්ෂියා වන බහුරු මානාවා හා ඉතා දුර්ලභ පක්ෂියා වන අලි­මා­නාවා ආදි පක්ෂි විශේෂ ද දැක­ගත හැක.

බූන්දල වෙනත් රට­ව­ලින් පැමි­ණෙන  විදේශීය  පක්ෂීන්ගේ ද, දේශිය පක්ෂීන්ගේ ද පෝෂක බිමක්, ලැගුම් බිමක්, ආර­ක්ෂක බිමක් මෙන්ම අභි­ජ­නන බිමක් ලෙසින් ද වැද­ග­ත් වේ.



බුන්දල තෙත් බිමට මෑතකාලීනව ඇතිවු බල­පෑම නම් 

* 1984 ඇති­කළ ලූණු­ග­ම්වෙ­හෙර ව්‍යාපා­ර­යෙන් පෝෂ­ණය වෙන ගොවි බිම්ව­ලින් ඉවත් කරන කෘෂි රසා­යන අඩංගු අති­රික්ත ජලය කලපු පද්ධ­ති­යට එකතු වීමෙන් ලව­න­තා­වය අඩු වී කර­දිය ආශ්‍රිත ජෛව ප්‍රජා­වට බල­පෑම් එල්ල­ වීම මෙන් ම කල­පුවේ සිට මුහුද දක්වා ඇළ මාර්ග­යක් ඉදි කිරීම නිසා කලපු මෝය මුහු­දට නිරා­ව­ර­ණය නොවීම

* මිරි­දියේ වැඩෙන ජලජ පැළැටි ව්‍යාප්ති­වීම

* උද්‍යා­නයේ මායිමේ ඇති තෙත් බිම් ගොඩ කිරීම හා සංව­ර්ධ­නය

* අවි­ධි­මත් ධීවර කර්මා­න්තය

* උද්‍යා­නය තුළ ඇති ලේවා­යන් වැඩි­දු­ර­ටත් සංව­ර්ධ­නය කිරීම මෙන්ම කලපු අන්දර වැනි ආක්‍ර­ම­ණ­ශීලී ශාක සීඝ්‍ර­ය­යෙන් ව්‍යාප්ත­වීම

ආදී කරුණු රාශි­යක් මත බුන්දල තෙත්බි­මට බල­පෑම් ඇති වී ඇත. මෙනිසා කුරුළු පාරාදීසයක් බවට ප්‍රසිද්ධ බුන්දල ජාතික උද්‍යා­නය වෙත පැමි­ණෙන ද අඩු­වක් ද සිදු ව   ඇත.  



කිරි­ඳි­ඔය ව්‍යාපා­රයේ දී ලුණු­ග­ම්වෙ­හෙරේ සිට එන වාරි ජලය වැඩි ප්‍රමා­ණ­යක් මුහු­දට බහින්නේ බුන්දල කල­පුව හරහා ය. ඒ නිසා මේ කල­පු­වල තිබෙන ලවන ගතිය අඩු වීම හේතු­වෙන් ලවන ගතිය තිබෙන විට හැදෙන කුනිස්සෝ වැනි කුඩා මත්ස්‍යන් බිහිවීම අඩු වේ. මේ තත්වය රජ සිය­ක්ක­රයා මත්ස්‍ය වර්ගයාට බෙහෙ­වින් බල­පා­නු ලබයි. ඒ ව­ගේම මේ තත්වය සංචා­රක කුරු­ල්ලන්ට බොහෝ බලපායි. පක්ෂීන් ට අවශ්‍ය ආහාර  අඩු­වෙන නිසා ඔවුන්  බුන්දල ට පැමි­ණීම සීමා වී ඇත. මෙහිදී දේශීය පක්ෂීන් හා විශේ­ෂ­යෙන්  පැමිණෙන  සංචා­රක පක්ෂීන් ද අඩු­ වේ. ඒ බව වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු පෙන්වා දී ඇත.

තෙත් බිම් රැක ගැනී­මට ගත යුතු ක්‍රියා­මාර්ග හා යෝජනා ක්‍රියා­ත්මක කිරී­මේදී බල­ධා­රීන් විසින් අත්ත‍නෝ­ම­ති­කව කටයුතු කරයි.  බුන්දල තෙත්බි­මට අත්ව ඇති ඉර­ණම තුළ එය උද්‍යා­නය විනාස වීම වල­ක්වා­ ගැනීමට නම් වාරි යෝජනා ක්‍රම ක්‍රියා­ත්මක කර තෙත් බිම් වලට හානි­යක් නොවන ලෙස සැල­සුම් කිරීම. ඇඹි­ලි­කල කල­පු­වට එක­තු­වන කෘෂි රසා­යන අඩංගු ජලය ඇළ මාර්ග­යක් ඔස්සේ විල්මැන්න අභය භූමිය හරහා කිරි­ඳි­ඔ­යට නිද­හස් කිරීම.  ප්‍රේරක කලා­පයේ සංව­ර්ධන හා සංර­ක‍ෂණ කට­යුතු අන්ත­ර­ජා­තික ප්‍රති­ප­ත්තීන්ට අනු­කූ­ලව විධි­මත්ව සැල­සුම් මගින් දිගු­කා­ලී­නව ක්‍රියා­ත්මක කිරීම. ආක්‍ර­ම­ණ­ශීලී ශාක සැලසුම් සහ­ග­තව ගලවා ඉවත් කිරීම. ධීවර සමිති විධි­මත් කිරීම. අන­ව­සර ලෙස තෙත් බිම් ගොඩ කරන පුද්ග­ල­යන්ට නීති­මය ක්‍රීයා මාර්ග ගැනීම. ආදී කරුණු ගැන බල­ධා­රීන්ගේ අවධා­නය යොමු­විය යුතුය. මේවාට බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු නොවුනේ නම් ඉදිරියේ  දී බුන්දල ජාතික උද්‍යා­නය රැම්සා සම්මු­තියෙන් ඉව­ත්වීමේ අවදාන­මක් පවතී.



බුන්දල කුරුල්ලන් සදහා ප්‍රසිද්ධියක් ඉසුලුවද තවත් සතුන් එහි ජීවත් වෙයි. සිංහයන් , කොටියන් , වළසුන් වැනි මාංශ භක්ෂකයන්  නොමැති වුව ද ගොඩබිම වසන විශාල ම ක්‍ෂිරපායි සත්වයන් වන අලි 30 ක් පමණ මෙහි  වෙසෙයි.




මීට අමතරව දිවියන්, ගෝනන්, වලසුන් ආදි සතුන් ද ගොඩබිම වසන විශාලතම උරගයා වන කිඹුලන් ද  තවත් වර්ග 06 ක‍ට අයත් උරග විශේෂ 10 ක් පමණ ද බුන්දලින් වාර්තා වේ.



තවද ලංකාවේ වෙසෙන කැස්බෑවන් විශේෂ 03 ක් මේ ආශ්‍රිත මුහුදු තීරයේ  දක්නට ලැබේ.  බූන්දල‍ ජලාශ්‍රිත ප්‍රදේශවල වර්ග 06 කට අයත් මත්ස්‍ය විශේෂ 10 ක් පමණ ද වාර්තා වී ඇත.  උභය ජීවින්ද වර්ග 03 කට අයත් විශේෂ 06 ක් පමණ ද වාසය කරයි. සත්ව ප්‍රජාව අතින් ද  බූන්දල ඉතා වැදගත් වනෝද්‍යානයකි.

මෙවැනි  වනජීවි වාසස්ථාන සංරක්ෂණය කර ගැනීම අත්‍යන්ත වැදගත් කාරණයකි.වන සතුන්ගේ නිදහසට බාධා නොකර , හිරිහැර නොකර සුන්දරත්වය අත්දැකීම් ලබා ගෙන සංචාරය නිම කිරීමට වග බලා ගත යුතු ය.

මූලාශ්‍ර 

www.parliament.lk

www.greenmedia.lk

www.silumina.lk

www.bbc.com


1 comment:

කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...