ශ්‍රී ලංකාවේ සංචාරය කරන බොහොමයක් ස්ථාන අතර ආගම් භේදයකින් තොරව වන්දනා කරන කතරගම පුණ්‍ය භූමිය ඓතිතිහාසික වටිනාකම අතින් ද අගනේය. ඌව පළාතට අයත් මෙය රුහුණු මහ කතරගම දේවාලය කතිරිකම්ම මුරුකන් කෝවිල ආදී නමින් ප්‍රසිද්ධ ව ඇත.
කතරගම දෙවියන් අරභයා මෙම දේවාලය නිර්මාණය කර ඇත. කතරගම දෙවියන් වල්ලි මාතාව සමග මෙම කිහිරි වනය ජීව භුමිය කරගෙන විසූ බව ඉතිහාසයේ සදහන් වේ.
මෙම දේවාල කටයුතු භාර පූජස්ථානයේ පූජකයන් වන "කපුරාල" වෙතය. මොවුන් ස්වදේශීය වැදි ජනතාවගේ පරපුරෙන් පැවත එතැයි විශ්වස කරනු ලබයි. කතරගම කදු මුදුන් ප්‍රදේශය පිලිබදව පවතින පුරාවෘත නිසා වැදි ජනතාවට ද මෙම පූජස්ථානයට උරුමයක් පවතින බවට විශ්වාස කරයි. උතුරේ සිට යාපනයට විත් දකුණේ පිහිටි, කතරගම දක්වා පවතින මාර්ගය ඔස්සේ කතරගම ලගාවෙයි. 1950 දී ශ්‍රී ලංකා රජය මගින් විහාර සංකීර්ණය ම පූජා භූමියක් බවට ප්‍රකාශයට ලදි.
මෙම කතරගම සිද්ධස්ථානයේ ආරම්භය පිළිබද බොහෝ මතවාද පවතී. කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වන හා භක්තිය දක්වන ආකාරය ස්වදේශීය වැදි ජනතාවගේ පූජා විධි වලින් නොනැසී ඉතිරිව පවතින්නක් බව පෙනේ. ක්‍රිස්තු පූර්ව අග භාගයේ දී ලංකාවට පැමිණි දකුණු ඉන්දියාවේ සංස්කෘතික බලපෑම ඇති ඉන්දිය-ආර්ය ජනතාව සහ බෞද්ධයන් සමග මුසු වී මෙම පූජා විදි ඉදිරියට ගමන් කරයි. පත්මනාතන්ට අනුව ආරම්භයේදී කතරගම සිද්ධස්ථානය ස්කන්ධ මුරුකන් මුණමුරුකන් උදෙසා පවතින දේවාරක්ෂක සිද්ධස්ථානයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන සංකීරණයකට අනුබද්ධ කර පිහිටා ඇත. ඉන්පසුව දේශීය සිංහල සහ දෙමළ ජනතාව විසින් මෙම සිද්ධස්ථානය වල්ලි මාතාව සගවා සිටි ස්ථානය ලෙස සලකනු ලබයි. කතරගම දෙවියන් සහ ස්කන්ධ මුරුකන් එකම දෙවි කෙනෙක් ලෙස ද සලකන ලදී.
මෙම කතරගම සිද්ධස්ථානයේ ආරම්භය පිළිබද බොහෝ මතවාද පවතී. කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වන හා භක්තිය දක්වන ආකාරය ස්වදේශීය වැදි ජනතාවගේ පූජා විධි වලින් නොනැසී ඉතිරිව පවතින්නක් බව පෙනේ. ක්‍රිස්තු පූර්ව අග භාගයේ දී ලංකාවට පැමිණි දකුණු ඉන්දියාවේ සංස්කෘතික බලපෑම ඇති ඉන්දිය-ආර්ය ජනතාව සහ බෞද්ධයන් සමග මුසු වී මෙම පූජා විදි ඉදිරියට ගමන් කරයි. පත්මනාතන්ට අනුව ආරම්භයේදී කතරගම සිද්ධස්ථානය ස්කන්ධ මුරුකන් මුණමුරුකන් උදෙසා පවතින දේවාරක්ෂක සිද්ධස්ථානයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන සංකීරණයකට අනුබද්ධ කර පිහිටා ඇත. ඉන්පසුව දේශීය සිංහල සහ දෙමළ ජනතාව විසින් මෙම සිද්ධස්ථානය වල්ලි මාතාව සගවා සිටි ස්ථානය ලෙස සලකනු ලබයි. කතරගම දෙවියන් සහ ස්කන්ධ මුරුකන් එකම දෙවි කෙනෙක් ලෙස ද සලකන ලදී.
කතරගම ලෙසින් හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා පවත්වන හින්දු සහ බෞද්ධ සිද්ධස්ථානයකි. ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතර එකක් වන මෙය සොළොස්මස්ථාන වලට ද අයත් වේ. ශ්‍රී ලාංකීය බෞද්ධයන් බහුතරයක් ද දෙමළ , හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව ද පුද පූජා පවත්වනු ලබයි.
කතරගම දෙවියන් නමින් හදුන්වන ස්කන්ද මුරුකන්ට පවත්වන පුද පූජා ඉතාම වැදගත් වේ. අතීතයේ මෙය ගුප්ත වනය තුළ සැගවී ලගා වීමට ඉතා අපහසු වූ පූජා බිමකි. වර්තමානයේදී පහසු මාර්ගයක් හරහාම එයට ලගා වීමට හැකියාව පවතී. සෑම බෞද්ධ පුද බිමක්ම සහ අසල පිහිටි කිරිවෙහෙර ,බෞද්ධයන් විසින් පාලනය කරනු ලබූ අතර බෞද්ධ පූජා භූමි වලට අමතරව විශ්ණු දෙවියන්ට ශිව දෙවියන්ට සහ මුස්ලිම් දේවස්ථානයටද පුද පූජා පවත්වන ලදී.1940 න් පසු වන්දනා කරුවන්ගෙන් බහුතරයක් වන්නේ ශ්‍රී ලංකාවෙන් සහ දකුනු ඉන්දියාවෙන් පැමිනි දෙමළ හින්දු ජනතාවයි.ඔවුන් අසීරු ලෙස පයින් වන්දනාවේ පැමිණීම සිදු කරන ලදී.පසුව බොහෝ වන්දනා කරුවන් සිංහල බෞද්ධයන් බවට පත්වූ අතර සිංහල ජනතාව අතර කතරගම දෙවියන් වන්දනාව බොහෝ ප්‍රසිද්ධ විය.
පා ගමනින් දුර බැහැර සිට පැමිණෙන දමිළ ජනතාව මැණික් ගගෙන් නා පිරිසිදුව කිළි සෝදා හැර මහා පූජාවට පිටත් වෙයි. මෙහි මහා පූජාවන් දිවා රාත්‍රි ව පැවැත්වෙයි. කවාඩි සමග නටමින් වන්දනා නඩ ගමන් කරයි. පූජාවන් සදහා අත්‍යවශ්‍ය සියල්ල ම මිලදී ගැනීමට මෙහි වෙළඳසැල් පවතී. පූජා භාණ්ඩ , පූජා වට්ටි ඕනෑම ආකාරයකින් ලබා ගත හැක.කතරගම කියූ සැනින් සිහිපත් වන දෙයක් නම් කතරගම ඇසළ මහා පෙරහැරයි. එය ඉතාම අලංකාරවත් වූවකි. හින්දු ආගමානුකූලව එම චාරිත්‍ර සිදු කරයි. කතරගම දිය කැපීමේ මංගල්‍යය ද මේ අතර සුවිශේෂි වේ. කතරගම දෙවියන් අභියස විවිධ ප්‍රාර්ථනා සිදු කිරීමට බලාපොරොත්තු ඉටු කරගැනීමට භාරහාර වීමට මිනිසුන් පූජා වන් අතැතිව පෙළ ගැසෙයි.
බුදුන් දුටු දඩයක්කරුවකු ඒ බව මෙම පාලකයාට සැළකල විට ඔහු සෙනග පිරිවරා එහි පැමිණ බුදුන්ගෙන් ධර්මය අසා සෝවාන් වූ බව ද මේ ජනප‍්‍රවාදයේ දැක්වේ. සෝවාන් වූ මහාඝෝෂ හට බුදුන්හන්සේ විසින් පූජනීය වස්තුවක් ලෙස හිස පිරිමැද කේෂ ධාතු ලබාදුන් බවත් ඒ කේෂ ධාතු හා ධර්මය දෙසීමට වැඩ සිටි අසුනත් තැන්පත් කර මහසෙන් රජු චෛත්‍යයක් කරවූ බවත් බෞද්ධයෝ විශ්වාස කරති. මේ කිහිරි වනයේ පිහිටි චෛත්‍යය කිහිරි වෙහෙර වී පසු කළෙක එය කිරි වෙහෙර වී ඇතැයි මතයක් පවතී.
ජනප‍්‍රවාදයේ දැක්වෙන්නේ සෝවාන් වූ මහාඝෝෂ මරණින් පසු මහාසේන දිව්‍ය රාජයා නමින් තුසිත දෙව්ලොව උපන් බවයි. වරින් වර දෙවි දේවතාවුන් පැමිණ කිරි වෙහෙරට කිරි පූජා පවත්වන බව ද ජනප‍්‍රවාදයේ එන මතයකි. කිරි වෙහෙර සෑ රජුන් වැද පුදා ගැනීමට යන බැතිමතුන් හට නෙළුම් , මානෙල් , ඕලු මල් වැනි මල් වර්ග ද පූජා ද්‍රව්‍ය ද දෙපස ඇති කුඩා වෙළඳසැල් වලින් ලබා ගත හැක. කිහිරි වනය මැදින් පිවිසීමට ඇති මාර්ගය ඉතාමත් සුන්දර නිස්කලංක වූවකි.
සුදු වතින් සැරසී බුදු බුදට යන බැතිමතුන් ඉන් පසු මහා දේවාලය කරා ගමන් කරයි. භාරහාර වීමට මෙන් ම භාරහාර ඉටු කිරීමට ද පුද්ගලයන් එහි පැමිණෙයි.කතරගමට යන විට සෙල්ල කතරගම හා ලක්ෂ්මී දේවාලය ද වැද පුදා ගන්නට ද හැකිය. පරිසරය පවිත්‍ර ව තබා ගනිමින් මෙවන් වටිනා ස්ථානයන් වන්දනා මාන කිරීමට මේවා යේ සංචාරය කිරීමට යන පුද්ගලයන් වගකීමෙන් කටයුතු කළ යුතුය.
මූලාශ්‍ර
www.lankadeepa.lk
www.budusarana.lk
www.mahamega.lk
No comments:
Post a Comment