ශ්රී ලංකාවේ සුන්දරත්වය ඉහළට ඔසවන දසුන් අතර දිය ඇලි වලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර දිය ඇලි නැරඹීම වඩාත් ප්රචලිත වූවකි. ස්වභාවික පරිසරය මනරම් කරන දිය ඇලි රාශියක් ලංකාව තුළ විහිදී ඇත.
උස් කදුකර තුළින් බිහි ව අතරමග දී පෝෂණය වී ගලා හැලෙන දියඇලි මනස්කාන්ත දසුනකි. බඹරකන්ද දියඇල්ල ලංකාවේ උසම දිය ඇල්ල ලෙස හදුන්වා දිය හැක. එය ලෝකයේ උසින් වැඩිම දිය ඇලි අතර 299 වන ස්ථානය හිමි කර ගනී. මෙය උසින් 263m ක් එනම් අඩි 863කි. මෙම දිය ඇල්ල සුන්දරත්වය අතින් ලංකාවේ පමණක් නොව ලෝකයේ ම සංචාරකයින් අතර බෙහෙවින් ජනප්රිය වූවකි.
මෙම දිය ඇල්ල ‘බඹරකැලේ’ ඇල්ල යන නමින් ද හදුන්වනු ලබයි. වලවේ ගගේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන් මෙම දියඇල්ල නිර්මාණය වේ. හෝර්ටන්තැන්නෙන් ආරම්භ වන වලවේ ගග පසුව කුඩා අතු ගංගා කිහිපයකටම වෙන් වේ. මේ බඹරකන්ද ඇල්ල නිර්මාණය කරන කුඩා ඔය එහි එක් අතු ගංගාවකි. පහලට ගමන් කරන ඇල්ල නැවත වලවේ ගග හා එකතු වේ.දිය ඇල්ල නැරඹීමට කොළඹ බදුල්ල මාර්ගයේ A4 මාර්ගයේ ගමන් කළ යුතුය. කොළඹ සිට ගමන් කරන විට බෙලිහුල්ඔය පඹහින්න පසු කර කලුපහන හන්දියෙන් 5km පමණ ගමන් කළ විට බඹරකන්ද දිය ඇල්ල හමු වේ. මෙම මාර්ගයේ දී වීරකෝන් ගම පසු කර 4km ක් පමණ ගිය පසු මෙම ඇල්ලට යන වනාන්තර මාර්ගය හමු වේ.
මෙහිදී වනාන්තර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කළ විට බඹරකන්ද දිය ඇල්ල හමු වේ.
දිය ඇල්ල අසල තිබෙන වේදිකාවේ සිට මේ සුන්දර බඹරකන්ද දිය ඇල්ලේ මිහිරියාව අත්විදිය හැක. මෙම ස්ථානය ලංකාවේ සෙසු දිය ඇලි වලට අසමාන දිය නෑමට ඉතා සුදුසු බැවිනි. ඇල්ල වැටෙන ස්ථානය අසල ගැඹුර වැඩි බැවින් එම ස්ථානය හැර දිය ඇල්ල පහල කොටසේ දිය නෑමට සුදුසු ස්ථාන රැසකි.
නියග කාලයට කදුකර ඉහල ප්රදේශ වල දී වගා කටයුතු සදහා යොදා ගන්නා බැවින් දිය ඇල්ල තුනී ආකාරයෙන් දිස් වේ.
මෙම දිය ඇල්ල අසලම තවත් සුන්දර දිය ඇලි දෙකක් වන ලංකා ඇල්ල හා යාලතැන්න ඇල්ල පිහිටා ඇත. මේ බඹරකන්ද සංචාරයේ දී එම දිය ඇලි දෙකේ සුන්දරත්වය ද අත්විදිය හැකිය.
පරිසරය සංරක්ෂණය කර ගනිමින් සංචාරය කිරීම සංචාරකයන්ගේ යුතුකම හා වගකීමයි.
මූලාශ්ර
www.lankadeepa.lk
www.facebook.lk
www.sltraveler.lk
No comments:
Post a Comment