Sunday, January 30, 2022

බෝඹුරු ඇල්ල

 

බොඹුරු ඇල්ල යනු ලංකාවේ සංචාරය කරන විට හමුවන තවත් සුන්දර කොමලියකි. තරමක් සැගව තිබූ මෙය මෑතකාලීනව කරලියට පිවිසි සංචාරක තෝතැන්නකි. ශ්‍රී  දැනට ලංකාවේ  පළලතම දිය ඇල්ල ලෙස හදුනා ගෙන ඇත.  බෝඹුරු ඇල්ල, පේරවැල්ල ඇල්ල යනුවෙන්ද හදුන්වයි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීප  වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් වසමේ පෙරවැල්ල ගම්මානයේ සීතා එළිය  කඳපොල රක්ෂිතයේ පිහිටා තිබේ. උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පලලින් මීටර් 20ක් පමණ වේ.


මෙම දිය ඇල්ලට බෝඹුරු ඇල්ල නාමය පටබැදීම  පිටුපස ඇත්තේද අපූරු කතාවකි.  එනම් වරක් දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන වන වැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන් කිසිවෙකුත් සමත් නොවීය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්‍රසිද්ධ කළේ ය. මෙම ප්‍රදේශයේ විසූ වනසිංහ මුත්තා නම් තැනැත්තා  ඇතා අල්ලා බෝ ගසක මුලෙහි බැන්දේ ය. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්‍යවහාරයට පත් විය. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ විය. ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්‍රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඈඳමින් ‘බෝඹුරු ඇල්ල’ නම තැබූ බව සදහන් වේ.



බෝඹුරු ඇල්ල ආරම්භ වන්නේ සදතැන්න ආශ්‍රිතව පිහිටා තිබෙන බෝඹුරු අල්ල ජලාශයෙන් ගලා එන උමා ඔය පහලට කඩා හැලීමෙනි. මේ දිය දහර අතු  කීපයක් ලෙසින් එක්වරම පහලට කඩා හැලෙයි.  මේ ඇල්ල ලංකාවේ සුන්දරතම දිය ඇලි අතර වඩාත් ප්‍රචලිතව ඇත. බෝඹුරු ඇල්ල මධ්‍යම පලාත හා ඌව පලාත් මායිම ආසන්නව මධ්‍යම පළාත තුළ පිහිටයි.

බෝඹුරුඇල්ල වඩාත් සුන්දරව ගලායන්නේ මධ්‍යම කදුකරයට වැසි ලැබෙන නිරිත දිග මෝසම හා ඊසාන දිග මෝසම් කාල ද්විත්වය  අතර වන අතර වියළි කාලගුණයක් සහිත කාල තුළ  ඉතාමත් අඩු ධාරිතාවක් සහිතව දිය ඇල්ල ගලා යයි . සුන්දරත්වය උපරිම මට්ටමින් ප්‍රදර්ශනය කරමින් සිටි අතර දිය ඇල්ලෙන් නිකුත් වූ පින්න හාත්පස පරිසරය පුරා ගලා යෑමෙන් ආස්වාදයක් ජනිත කරයි. මේ පින්න ස්වභාවය නිසාම ඇල්ල පාමුල ඇති තණකොල පිටිය සම්පූර්ණයෙන්ම පාහේ මඩ ගොහොරුවක් බවට පත්ව තිබේ.බෝඹුරු ඇල්ල පාමුල පිහිටන කුඩා ගුහාවක් වැනි කොටසේ සිට දිය ඇල්ල නැරඹීමට ලැබීම වෙනස්ම අත්දැකීමක් ගෙන දෙයි. 

 බෝබුරු ඇල්ල පාමුල නෑම එතරම් ආරක්ෂිත නොවන අතර නෑම සදහා ම  වේල්ලක්  නිර්මාණය කර තිබේ.බෝඹුරු ඇල්ල අසල තණ පිටිය තුල කදවුරු බැදීම කාලයකට පෙර සංචාරක රැල්ලක්ව පැවති අතර, අධික සංචාරක ආගමනය හා පිලිවෙලක් නොමැතිව කදවුරු බැදීමත්, අවට පරිසරය සීග්‍රයෙන් විනාශ වීමටත් ලක් වූ නිසා මේ වන විට බෝඹුරු ඇල්ල අසල කදවුරු බැදීම අදාල ආයතන මගින් තහනම් කොට තිබේ. වගකීම් විරහිත සංචාරකයන්ගේ  ක්‍රියාකලාප හේතුවෙන් මෙසේ සිදු වී ඇති අතර ඒ නිසා මේ නිසා  සොබාදහමට සැබැවින්ම ආදරය කරන්නන්ටද කදවුරු බැදීමට තහංචි වැටී ඇත.

සංචාරකයන් ලෙස පරිසර සුන්දරත්වය අත්විඳි මතු පරපුර වෙනුවෙන් එම ස්ථාන සුරක්ෂිත ව පවත්වා ගැනීමට ඔබේ වගකීම ඉටුකර පා සටහන් පමණක් එම  භූමිය තුළ ඉතිරි කර පැමිණීමට කටයුතු කරන්නේ නම් එම ස්ථාන නැවත නැරඹීමට සංරක්ෂණය වනු ඇත.

මූලාශ්‍ර 

www.saravita.lk

www.google.lk

www.sltraveler.lk

Saturday, January 29, 2022

රාවණා ඇල්ල

ඇල්ලේ සුකොමළිය

රාවණා ඇල්ල සංචාරකයන්ගේ ඇස පින වූ මනස්කාන්ත දර්ශනයකි. රාවණා ඇල්ල පහසුවෙන් ලගා වී නැරඹිය හැකි වන ලෙස ඇල්ල සිට බදුල්ල දක්වා දිවෙන  සුන්දරත්වයෙන් අනූන මාර්ගයක ඉදිරිපස පිහිටා ඇත.  ප්‍රධාන මාර්ගය ඇල්ල නැරඹීමට භාවිතා කරයි. කලකට නිසල ව ඇද හැලුන ද වැසි සමය තුළ ප්‍රචණ්ඩ ව අවර්ණව ඇද හැලෙයි.  රාවණා ඇල්ල දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් ගේ ද ආකර්ෂණය දිනා ගන්නට වූවකි. 


රාවණා ඇල්ල පිළිබඳ ජනප්‍රවාද රැසක් ද පවතී.  රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන්  විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා විසින් සීතා පැහැරගෙන විත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බවට මතයක් පවතී.  එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බව ද මෙවැනිම මතිමතාන්තරයකි. 


රාවණා රජු සීතා සැග වූ රාවණා ඇල්ල නමින් ද මෙය හදුන්වයි. රාවණා ඇල්ල ට  බඹරගල ඇල්ල යනුවෙන් ද නාමයක් පවතී. රාවණා ගුහාව පිහිටා ඇත්තේ ඇල්ල කඳු මුදුනේ ය. මෙම ගුහාව තුළ සීතා දේවිය සගවා ගෙන සිටි බවට මත පවතී. මේ ගුහා අභ්‍යන්තරය තරමක් ගැඹුරු  අතර මෙහි එක්තරා පොකුණක් පවතී. එය  නිල් දිය පොකුණ නම් වේ. මෙම ගුහාව තුළ ආගාධ වැනි ලක්ෂණ පවතින බවත් ඒවාට ඇද වැටුන හොත් ගොඩ ඒමට පවා අපහසු බව කියවේ. මේ නිසා ම නිල් දිය පොකුණ ද තහනම් ස්ථානයක් බවට පත් ව ඇත. 

 ඇල්ල පාමුල සිට බලන කල්හි කඳුමුදුන් දෙක තුළින්  ඇද හැලෙන ජල කඳ ප්‍රධාන ස්ථර තුනකින් විත් ද්විත්ව ඇල්ලක් දක්වා ගලා හැලෙන බව හොඳින්  දිස් වේ.   කිරිඳි ඔය වෙත ඇදී එන  රාවණා ඇල්ල උසින් අඩි 82ක් පමණ වන බව සඳහන් වේ. රාවණා ඇල්ලේ ආරම්භය සිදුවන්නේ කිරිදි ඔය අතු ගංගාවකිනි. ඇල්ලට යටින් ඇති පාෂාණ ස්ථරය හුණුගල් ඉතා තද කළුගල් හා කොණ්ඩලයිට් වැනි පාෂාණ විශේෂ වලින් සමන්විත වන අතර 1950 වසරේදී මෙය රක්ෂිත වනාන්තරයක් බවට ද ප්‍රකාශයට පත් ව ඇත. 

වසරේ මැයි- සැප්තැම්බර් කාල වකවානුව තුළදී මේ ප්‍රදේශයට නිරිත දිග මෝසම්වර්ෂාවෙන් ජලය ලැබෙන අතර ඔක්තෝම්බර් හා නොවැම්බර් මාසවලදී එහි ජල පහර වර්ධනය කරනු ලබන්නේ අන්තර් මෝසම් වර්ෂාව නිසාය.  රාවණා ඇල්ල ඉහළ ප්‍රදේශයේ  වර්ෂාපතනය වැඩි වීමත් සමග සැනෙකින් ප්‍රචණ්ඩකාරී ස්වභාවයට පත් වේ. මේ නිසා මෙහි ස්නානය ඉතා භයානක කාර්යකි. රාවණා ඇල්ල තරණය කිරීමට ගොස් විදේශිකයන් පවා මරණයට පත් ව ඇත. ජනවාරි, පෙබරවාරි ,මාර්තු යන මාසයන්හි දී ඇතිවන වියළි කාලගුණික තත්ත්වයෙන් ඇල්ලේ ජල පහර ඉතා අඩු තත්වයක පවතී.

 කණගාටුවට කරුණ වන්නේ නියං සමයේදී ඇතිවන ලැව්ගිනි මෙන්ම හේන් සඳහා ගොවීන් විසින් සිදුකරන ගිනි තැබීම් නිසා තව තවත් ඇල්ල සිඳී යාමේ තර්ජනයකට මුහුණ පෑමට සිදු වීමයි. රාවණා ඇල්ලේ ඉහළින් ඇති  ජල පෝෂිත රක්ෂිතය හෙක්ටයාර 4777 ක භූමි භාගයක් පුරා පැතිර ඇති අතර මෙම රක්ෂිතය තුළ වලිකුකුළා වැලිමුවා වැනි දුර්ලභ සතුන් ද හමු වන අතර හෙක්ටයාර 1732 භූමි ප්‍රදේශයක් 1979 වසරේදී රාවණා ඇල්ල අභයභූමිය ලෙසින් ප්‍රකාශයට පත් කරන්නට විය. 

අලංකාරත්වය යට බොහෝවිට සැඟව ඇත්තේ අනතුරුදායක බවයි. එය රාවණා ඇල්ලට ද පොදුය. මේ උඩ කොටසට ඇවිද යාමේදී ලිස්සායාමක්  යාමක් සිදු වුවහොත් එය ඉතා අනතුරුදායක තත්වයකට පත්වේ. බොහෝවිට එය කෙළවර වන්නේ ජීවිත හානියක් ද සමගිනි. දැනට ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව 2003 වසරේදී පමණක් රාවණා ඇල්ලේ දී මිය ගිය සංක්‍යව 37කි. මෙහි දිය නෑම අවදානම් වන්නේ ඇල්ල කඩා හැලෙන ස්ථානයේ මීටර් 19 පමණ ගැඹුරු දිය සුලියක් පවතින බැවිනි. 

 ඇල්ල නැරඹීම සඳහා එන සංචාරකයින්ගේ පහසුව පිණිස වෙළෙඳසැල්  ද එකල ඉදිකර තිබුණු අතර ඉහළ ජලාධාර කලමණාකාර ව්‍යාපෘතිය මගින් ඒවා වෙළඳුන්ට ලබා දී ඇත්තේ 2002 වසරේදී ය. ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි ඓතිහාසික වැදගත්කමක් ඇතැයි සැලකෙන රාවණා ඇල්ලට ලංකාවේ දිය ඇලි අතුරින් හිමිවන්නේ 79 වන ස්ථානයයි.

සංචාරකයන් ලෙස පරිසර සුන්දරත්වය අත්විඳි මතු පරපුර වෙනුවෙන් එම ස්ථාන සුරක්ෂිත ව පවත්වා ගැනීමට ඔබේ වගකීම ඉටුකර පා සටහන් පමණක් එම  භූමිය තුළ ඉතිරි කර පැමිණීමට කටයුතු කරන්නේ නම් එම ස්ථාන නැවත නැරඹීමට සංරක්ෂණය වනු ඇත.

මූලාශ්‍ර

www.redpen.lk

www.silumina.lk

www.sltraveler.lk

Wednesday, January 19, 2022

කතරගම මහා දේවාලය සහ කිරි වෙහෙර


ශ්‍රී ලංකාවේ සංචාරය කරන බොහොමයක් ස්ථාන අතර ආගම් භේදයකින් තොරව වන්දනා කරන කතරගම පුණ්‍ය භූමිය ඓතිතිහාසික වටිනාකම අතින් ද අගනේය. ඌව පළාතට අයත් මෙය රුහුණු මහ කතරගම දේවාලය කතිරිකම්ම මුරුකන් කෝවිල ආදී නමින් ප්‍රසිද්ධ ව ඇත.


කතරගම දෙවියන් අරභයා මෙම දේවාලය නිර්මාණය කර ඇත. කතරගම දෙවියන් වල්ලි මාතාව සමග මෙම කිහිරි වනය ජීව භුමිය කරගෙන විසූ බව ඉතිහාසයේ සදහන් වේ. 

මෙම දේවාල කටයුතු භාර පූජස්ථානයේ පූජකයන් වන "කපුරාල" වෙතය.  මොවුන් ස්වදේශීය වැදි ජනතාවගේ පරපුරෙන් පැවත එතැයි  විශ්වස කරනු ලබයි.  කතරගම  කදු මුදුන්  ප්‍රදේශය පිලිබදව පවතින පුරාවෘත නිසා වැදි ජනතාවට ද මෙම පූජස්ථානයට උරුමයක් පවතින බවට  විශ්වාස කරයි. උතුරේ සිට  යාපනයට විත් දකුණේ පිහිටි, කතරගම දක්වා පවතින මාර්ගය ඔස්සේ කතරගම ලගාවෙයි. 1950 දී ශ්‍රී ලංකා රජය මගින්  විහාර සංකීර්ණය ම පූජා භූමියක් බවට ප්‍රකාශයට ලදි.



මෙම කතරගම සිද්ධස්ථානයේ ආරම්භය පිළිබද බොහෝ මතවාද පවතී.  කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වන හා භක්තිය දක්වන ආකාරය ස්වදේශීය වැදි ජනතාවගේ පූජා විධි වලින් නොනැසී ඉතිරිව පවතින්නක් බව පෙනේ. ක්‍රිස්තු පූර්ව අග භාගයේ දී ලංකාවට පැමිණි දකුණු ඉන්දියාවේ සංස්කෘතික බලපෑම ඇති ඉන්දිය-ආර්ය ජනතාව සහ බෞද්ධයන් සමග මුසු වී මෙම පූජා විදි ඉදිරියට ගමන් කරයි. පත්මනාතන්ට අනුව ආරම්භයේදී කතරගම සිද්ධස්ථානය ස්කන්ධ මුරුකන් මුණමුරුකන් උදෙසා පවතින දේවාරක්ෂක සිද්ධස්ථානයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන සංකීරණයකට අනුබද්ධ කර පිහිටා ඇත. ඉන්පසුව දේශීය සිංහල සහ දෙමළ ජනතාව විසින් මෙම සිද්ධස්ථානය වල්ලි මාතාව සගවා සිටි ස්ථානය ලෙස සලකනු ලබයි. කතරගම දෙවියන් සහ ස්කන්ධ මුරුකන් එකම දෙවි කෙනෙක් ලෙස ද සලකන ලදී.


මේ කතරගම හා බැදුණු ජනප්‍රවාදයන් රැසකි.  ක්‍රි.පූ. 580 දී බුදුන් වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේ දී කතරගම ප්‍රදේශයේ කතරගම උද්‍යානය පාලනය කළ මහාසේන නම් රජ මුණගැසුණු බවට විශ්වාස පවතී. ඉක්බිති  මහාසේන බුදුන් වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන් දී කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබක් ඉදි කළ බව සදහන් වේ. මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන් වහන්සේගේ පාදස්පර්ශයට  පාත්‍ර වූ බවට විශ්වාස කරයි. මෙතෙක් හමු වී ඇති පුරාවිද්‍යා සාක්ෂි  අනුව පිළිගන්නා ආකාරයට " කිරි වෙහෙර " ක්‍රි.පූ. 1 වන සියවසේදී පමණ ඉදිකර ඇත. මහාසේන රජතුමා විසින් එය දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් දැකිය හැක. ශිලා ලේඛනයන් ද හමු වී ඇත.


මෙම කතරගම සිද්ධස්ථානයේ ආරම්භය පිළිබද බොහෝ මතවාද පවතී.  කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වන හා භක්තිය දක්වන ආකාරය ස්වදේශීය වැදි ජනතාවගේ පූජා විධි වලින් නොනැසී ඉතිරිව පවතින්නක් බව පෙනේ. ක්‍රිස්තු පූර්ව අග භාගයේ දී ලංකාවට පැමිණි දකුණු ඉන්දියාවේ සංස්කෘතික බලපෑම ඇති ඉන්දිය-ආර්ය ජනතාව සහ බෞද්ධයන් සමග මුසු වී මෙම පූජා විදි ඉදිරියට ගමන් කරයි. පත්මනාතන්ට අනුව ආරම්භයේදී කතරගම සිද්ධස්ථානය ස්කන්ධ මුරුකන් මුණමුරුකන් උදෙසා පවතින දේවාරක්ෂක සිද්ධස්ථානයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන සංකීරණයකට අනුබද්ධ කර පිහිටා ඇත. ඉන්පසුව දේශීය සිංහල සහ දෙමළ ජනතාව විසින් මෙම සිද්ධස්ථානය වල්ලි මාතාව සගවා සිටි ස්ථානය ලෙස සලකනු ලබයි. කතරගම දෙවියන් සහ ස්කන්ධ මුරුකන් එකම දෙවි කෙනෙක් ලෙස ද සලකන ලදී.

කතරගම  ලෙසින් හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා පවත්වන  හින්දු සහ බෞද්ධ සිද්ධස්ථානයකි.  ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතර එකක් වන මෙය සොළොස්මස්ථාන වලට ද අයත් වේ.  ශ්‍රී ලාංකීය බෞද්ධයන් බහුතරයක් ද  දෙමළ , හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව ද පුද පූජා පවත්වනු ලබයි.

 කතරගම දෙවියන් නමින් හදුන්වන ස්කන්ද මුරුකන්ට පවත්වන පුද පූජා ඉතාම වැදගත් වේ. අතීතයේ මෙය ගුප්ත වනය තුළ සැගවී ලගා වීමට ඉතා අපහසු වූ  පූජා බිමකි. වර්තමානයේදී පහසු මාර්ගයක් හරහාම එයට ලගා වීමට හැකියාව පවතී. සෑම බෞද්ධ පුද බිමක්ම සහ අසල පිහිටි කිරිවෙහෙර ,බෞද්ධයන් විසින් පාලනය කරනු ලබූ අතර බෞද්ධ පූජා භූමි වලට අමතරව විශ්ණු දෙවියන්ට ශිව දෙවියන්ට සහ මුස්ලිම් දේවස්ථානයටද පුද පූජා පවත්වන ලදී.1940 න් පසු වන්දනා කරුවන්ගෙන් බහුතරයක් වන්නේ ශ්‍රී ලංකාවෙන් සහ දකුනු ඉන්දියාවෙන් පැමිනි දෙමළ හින්දු ජනතාවයි.ඔවුන් අසීරු ලෙස පයින් වන්දනාවේ පැමිණීම සිදු කරන ලදී.පසුව බොහෝ වන්දනා කරුවන් සිංහල බෞද්ධයන් බවට පත්වූ අතර සිංහල ජනතාව අතර කතරගම දෙවියන් වන්දනාව බොහෝ ප්‍රසිද්ධ විය.

පා ගමනින් දුර බැහැර  සිට පැමිණෙන දමිළ  ජනතාව මැණික් ගගෙන් නා  පිරිසිදුව කිළි සෝදා හැර මහා පූජාවට පිටත් වෙයි. මෙහි මහා පූජාවන් දිවා රාත්‍රි ව පැවැත්වෙයි. කවාඩි සමග නටමින් වන්දනා නඩ ගමන් කරයි. පූජාවන් සදහා අත්‍යවශ්‍ය සියල්ල ම මිලදී ගැනීමට මෙහි වෙළඳසැල් පවතී. පූජා භාණ්ඩ ,  පූජා වට්ටි   ඕනෑම ආකාරයකින් ලබා ගත හැක.


කතරගම කියූ සැනින් සිහිපත් වන දෙයක් නම්  කතරගම ඇසළ මහා පෙරහැරයි. එය ඉතාම අලංකාරවත් වූවකි. හින්දු ආගමානුකූලව එම චාරිත්‍ර සිදු කරයි. කතරගම දිය කැපීමේ මංගල්‍යය ද මේ අතර සුවිශේෂි වේ.  කතරගම දෙවියන් අභියස විවිධ ප්‍රාර්ථනා සිදු කිරීමට බලාපොරොත්තු ඉටු කරගැනීමට භාරහාර වීමට මිනිසුන් පූජා වන් අතැතිව පෙළ ගැසෙයි.




කිරි වෙ‍හෙර 


කිරි වෙහෙර සෑ රදුන් මහසෙන් රජ විසින් තනන ලද ශ්‍රී ලංකාවේ කතරගම ඇති  පුරාතන ස්ථූපයකි. අඩි 95 ක උසකින් යුතු එය අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතු වේ.අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක හිමියන්, කතරගම කිරි වෙ‍හෙර විහාරයෙහි විහාරාධිකාරි තනතුර හොබවති.


මෙහි දී කිහිරි යනු හඳුන් වර්ගයේ ශාකයකි. කිහිරි ගසේ පත‍්‍ර තරමක් තඹ පැහැතිය. කිහිරි ගස් තවම කතරගම අවට දක්නට ලැබෙයි. අතීතයේ බුදුන් දවස කතරගම අවට කිහිරි ගස් බහුල වනයක් වූ බව සදහන් වේ. කිහිරි ගස් බහුල බැවින් මේ වනාන්තරය කිහිරි වනය ලෙස හැඳින්වූ බවත් එවකට කතරගම මහාඝෝෂ නමැති ප‍්‍රාදේශීය පාලකයකු සිටි බවත් ජනප‍්‍රවාදයේ පැවසේ. සොළොස්මස්ථාන පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මේ කිහිරි වනයේ සමාපත්ති සුවයෙන් වැඩසිටි බව ද එහි සඳහන් ය.

බුදුන් දුටු දඩයක්කරුවකු ඒ බව මෙම පාලකයාට සැළකල විට ඔහු සෙනග පිරිවරා එහි පැමිණ බුදුන්ගෙන් ධර්මය අසා සෝවාන් වූ බව ද මේ ජනප‍්‍රවාදයේ දැක්වේ. සෝවාන් වූ මහාඝෝෂ හට බුදුන්හන්සේ විසින් පූජනීය වස්තුවක් ලෙස හිස පිරිමැද කේෂ ධාතු ලබාදුන් බවත් ඒ කේෂ ධාතු හා ධර්මය දෙසීමට වැඩ සිටි අසුනත් තැන්පත් කර මහසෙන් රජු චෛත්‍යයක් කරවූ බවත් බෞද්ධයෝ විශ්වාස කරති. මේ කිහිරි වනයේ පිහිටි චෛත්‍යය කිහිරි වෙහෙර වී පසු කළෙක එය කිරි වෙහෙර වී ඇතැයි මතයක් පවතී. 

ජනප‍්‍රවාදයේ දැක්වෙන්නේ සෝවාන් වූ මහාඝෝෂ මරණින් පසු මහාසේන දිව්‍ය රාජයා නමින් තුසිත දෙව්ලොව උපන් බවයි. වරින් වර දෙවි දේවතාවුන් පැමිණ කිරි වෙහෙරට කිරි පූජා පවත්වන බව ද ජනප‍්‍රවාදයේ එන මතයකි. කිරි වෙහෙර සෑ රජුන් වැද පුදා ගැනීමට යන බැතිමතුන් හට නෙළුම් , මානෙල් , ඕලු මල් වැනි මල් වර්ග ද පූජා ද්‍රව්‍ය ද දෙපස ඇති කුඩා වෙළඳසැල් වලින් ලබා ගත හැක. කිහිරි වනය මැදින් පිවිසීමට ඇති මාර්ගය ඉතාමත් සුන්දර නිස්කලංක වූවකි.

සුදු වතින් සැරසී බුදු බුදට යන බැතිමතුන් ඉන් පසු මහා දේවාලය කරා ගමන් කරයි. භාරහාර වීමට මෙන් ම භාරහාර ඉටු කිරීමට ද  පුද්ගලයන් එහි පැමිණෙයි.කතරගමට යන විට සෙල්ල කතරගම හා ලක්ෂ්මී දේවාලය ද වැද පුදා ගන්නට ද හැකිය. පරිසරය පවිත්‍ර ව තබා ගනිමින්  මෙවන් වටිනා ස්ථානයන් වන්දනා මාන කිරීමට මේවා යේ සංචාරය කිරීමට යන පුද්ගලයන් වගකීමෙන් කටයුතු කළ යුතුය.

මූලාශ්‍ර 

www.lankadeepa.lk

www.budusarana.lk

www.mahamega.lk

Friday, January 14, 2022

බුන්දල ජාතික වනෝද්‍යානය



හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි බුන්දල ජාතික වනෝද්‍යානය  සංචාරක තෝතැන්නකි. බුන්දල වනෝද්‍යානය හම්බන්තොට සැරිසරන විට විවිධ දිශාවන්ගෙන් මුණ ගැසේ.  බුන්දල ජාතික වනෝද්‍යා­නය රැම්සා සම්මුති ගත වීමත් සමග වටි­නාකමින් සහ ප්‍රසිද්ධ තෙත්බිමක් බවට පත් විය. 

1969 දෙසැ­ම්බර් මස 12 වන දින වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගැසට් අංක 14887 යටතේ බුන්දල අභය භූමි­යක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. එහි දැඩි  ආර­ක්ෂාව  සදහා 1992 දෙසැ­ම්බර් 31 දින බුන්දල ජාතික වනෝ­ද්‍යා­න­යක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ද සිදු විය. 1996 දී ශ්‍රී  ලං­කාවේ ප්‍රථම වරට අන්තර් ජාතික වටි­නා­ක­මක් හිමි­ක­ර­ගත් තෙත්බිමක් ලෙස බුන්දල ජාතික වනෝ­ද්‍යා­නය ජාත්‍ය­න්තර ලේඛ­න­යට එක් විය.  

බුන්දල , ආනවිලුන්දාව , මාදුගඟ මෙලෙස රැම්සා සම්මු­තියේ තෙත්බිම් ලෙස නිර්දේශ වූ ඒවාය.  බුන්දල ජාතික වනෝ­ද්‍යා­නය රැම්සා තෙත්බි­මක් ලෙස නිර්දේශ වීම සඳහා බලපානු ලැබූ ප්‍රධාන සාධක නම් උත්ත­ර­ධ්‍රැ­වයේ සිට දක‍ෂිණ ධ්‍රැවය දක්වා පියාසර කරන පක‍ෂීන්ගේ අව­සන් නවා­තැන බුන්දල වීම, වර්ෂය පුරා පියාසර කරන පක‍්ෂීන් 20,000 කට අධික ප්‍රමා­ණ­යක් ආහාර හා වාස­ස්ථාන සොයා බුන්දල ට  ගොඩවීම , ගං මෝය හා ලවණ හැල් සහිත තෙත් බිම් පරි­සර පද්ධතියක් බුන්දල  පිහි­ටීම , පියාසර කරන පක‍ෂීන්ගේ දුලබ ආහා­ර­යක් වන "ආටි­මියා ප්ලවාංග"  හා කඩො­ලාන විශේෂ සහිත පරිසර පද්ධති හා ආහාර බිම් බහුල වශයෙන් බුන්දල  පිහි­ටීම  යනාදියයි.

ශ්‍රී ලංකාව ජෛව විවි­ධ­ත්වයෙන් ප්‍රමුඛතම  රටකි.  ලෝක ව්‍යාප්ත ජෛව විවි­ධත්ව ස්ථාන පිළි­බ­ඳ  පර්යේ­ෂණය තුළ ලංකාව  25 වන ස්ථානය හිමි කර ගනී. හෙක්ට­යාර් 6200 ක භුමි ප්‍රමාණයකින් සම­න්විත බුන්දල ජාතික වනෝද්‍යානය භූගෝ­ලීය වශ­යෙන් කලාප 03 ක් ලෙස දැක්විය හැකි වේ.  

1. වෙරළ තීරය හා වැලි කඳු සහිත ප්‍රදේශ

2. කලපු හා බාහිර වෙරළ තැනි­තලා කලා­පය

3. අභ්‍ය­න්තර වෙරළ කලා­පය  

 එමෙන්ම මෙහි ඇති කලපු අතර  

1. මහ­ලේ­වාය කල­පුව

2. කොහො­ල­න්කල කල­පුව

3. මලල කල­පුව

4. ඇඹි­ලි­කල කල­පුව

5. බූන්දල ලේවාය කල­පුව   

හදුනා ගත හැක. 

ශාක විශේෂ 90 ක්  පමණ වාර්තා වන අතර  කාෂ්ඨිය ශාක  වර්ග 16 ක්, පැළෑටි වර්ග 37 ක්, ඖෂධීය  ශාක වර්ග 16 ක් හා පඳුරු ශාක වර්ග 21 ක් පමණ මෙහි දැකිය හැක. කාශ්ඨිය ශාක අතර පලු, සූරියා, බුරුත, දිවුල්, ආදී ය ද   පැළෑටි වර්ග ලෙස නීර­මු­ල්ලිය, මුඩු­ම­හන, මදු­රු­තලා, හෙල­මල් ආදිය ද වැල් වර්ග අත­ර ආරෝ­හණ, හාත­වා­රිය ආදිය ප්‍රධාන වේ. මෙහි ප්‍රමුඛ ශාක කාණ්ඩය පඳුරු ශාක­යන් ය. වියළි බව‍ට ඔරොත්තු දෙන ශාක මෙහි බහුලව පවතී.  


බූන්දල වඩාත් ප්‍රච­ලි­ත ව ඇත්තේ කුරුලු පාරා­දී­ස­යක් ලෙසිනි. ලංකාවේ වෙසෙන නේවා­සික ජලජ පක්ෂීන් බහුතරය නිර­තු­රු­ව ම හදුනා ගත හැක. පක්ෂින් 20000 කට වැඩි ප්‍රමා­ණ­යක් බුන්දල දී නිරී­ක්ෂ­ණය කළ හැක.

පර්යේ­ෂණ අනුව වර්ග 150 කට අයත් කුළ 53 ක‍ට ගැනෙන පක්ෂි විශේෂ 53 ක් බුන්දල වනෝද්‍යානය තුළින්  වාර්තා වී ඇත. මේ අත­රින් සංචා­රක පක්ෂි විශේෂ 50 ක් පමණ දැක ගත හැකි අතර ඉන් විශේෂ 08 ක් දුර්ලභ වේ. බුන්දල වනෝ­ද්‍යා­නය තුළ දැකිය හැකි එකම ආවේ­ණික පක්ෂියා වන්නේ වළි­කු­කු­ළා ය.  තව ද ජාත්‍ය­න්තර වශ­යෙන් වඳවී යාමේ තර්ජන­යට ලක්ව ඇති පැස්තු­ඩුවා, දම් සිලු‍ටු දෑ තුඩුවා බුන්දල දී දැකිය හැක. ලංකාවේ විශා­ලම පක්ෂියා වන බහුරු මානාවා හා ඉතා දුර්ලභ පක්ෂියා වන අලි­මා­නාවා ආදි පක්ෂි විශේෂ ද දැක­ගත හැක.

බූන්දල වෙනත් රට­ව­ලින් පැමි­ණෙන  විදේශීය  පක්ෂීන්ගේ ද, දේශිය පක්ෂීන්ගේ ද පෝෂක බිමක්, ලැගුම් බිමක්, ආර­ක්ෂක බිමක් මෙන්ම අභි­ජ­නන බිමක් ලෙසින් ද වැද­ග­ත් වේ.



බුන්දල තෙත් බිමට මෑතකාලීනව ඇතිවු බල­පෑම නම් 

* 1984 ඇති­කළ ලූණු­ග­ම්වෙ­හෙර ව්‍යාපා­ර­යෙන් පෝෂ­ණය වෙන ගොවි බිම්ව­ලින් ඉවත් කරන කෘෂි රසා­යන අඩංගු අති­රික්ත ජලය කලපු පද්ධ­ති­යට එකතු වීමෙන් ලව­න­තා­වය අඩු වී කර­දිය ආශ්‍රිත ජෛව ප්‍රජා­වට බල­පෑම් එල්ල­ වීම මෙන් ම කල­පුවේ සිට මුහුද දක්වා ඇළ මාර්ග­යක් ඉදි කිරීම නිසා කලපු මෝය මුහු­දට නිරා­ව­ර­ණය නොවීම

* මිරි­දියේ වැඩෙන ජලජ පැළැටි ව්‍යාප්ති­වීම

* උද්‍යා­නයේ මායිමේ ඇති තෙත් බිම් ගොඩ කිරීම හා සංව­ර්ධ­නය

* අවි­ධි­මත් ධීවර කර්මා­න්තය

* උද්‍යා­නය තුළ ඇති ලේවා­යන් වැඩි­දු­ර­ටත් සංව­ර්ධ­නය කිරීම මෙන්ම කලපු අන්දර වැනි ආක්‍ර­ම­ණ­ශීලී ශාක සීඝ්‍ර­ය­යෙන් ව්‍යාප්ත­වීම

ආදී කරුණු රාශි­යක් මත බුන්දල තෙත්බි­මට බල­පෑම් ඇති වී ඇත. මෙනිසා කුරුළු පාරාදීසයක් බවට ප්‍රසිද්ධ බුන්දල ජාතික උද්‍යා­නය වෙත පැමි­ණෙන ද අඩු­වක් ද සිදු ව   ඇත.  



කිරි­ඳි­ඔය ව්‍යාපා­රයේ දී ලුණු­ග­ම්වෙ­හෙරේ සිට එන වාරි ජලය වැඩි ප්‍රමා­ණ­යක් මුහු­දට බහින්නේ බුන්දල කල­පුව හරහා ය. ඒ නිසා මේ කල­පු­වල තිබෙන ලවන ගතිය අඩු වීම හේතු­වෙන් ලවන ගතිය තිබෙන විට හැදෙන කුනිස්සෝ වැනි කුඩා මත්ස්‍යන් බිහිවීම අඩු වේ. මේ තත්වය රජ සිය­ක්ක­රයා මත්ස්‍ය වර්ගයාට බෙහෙ­වින් බල­පා­නු ලබයි. ඒ ව­ගේම මේ තත්වය සංචා­රක කුරු­ල්ලන්ට බොහෝ බලපායි. පක්ෂීන් ට අවශ්‍ය ආහාර  අඩු­වෙන නිසා ඔවුන්  බුන්දල ට පැමි­ණීම සීමා වී ඇත. මෙහිදී දේශීය පක්ෂීන් හා විශේ­ෂ­යෙන්  පැමිණෙන  සංචා­රක පක්ෂීන් ද අඩු­ වේ. ඒ බව වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු පෙන්වා දී ඇත.

තෙත් බිම් රැක ගැනී­මට ගත යුතු ක්‍රියා­මාර්ග හා යෝජනා ක්‍රියා­ත්මක කිරී­මේදී බල­ධා­රීන් විසින් අත්ත‍නෝ­ම­ති­කව කටයුතු කරයි.  බුන්දල තෙත්බි­මට අත්ව ඇති ඉර­ණම තුළ එය උද්‍යා­නය විනාස වීම වල­ක්වා­ ගැනීමට නම් වාරි යෝජනා ක්‍රම ක්‍රියා­ත්මක කර තෙත් බිම් වලට හානි­යක් නොවන ලෙස සැල­සුම් කිරීම. ඇඹි­ලි­කල කල­පු­වට එක­තු­වන කෘෂි රසා­යන අඩංගු ජලය ඇළ මාර්ග­යක් ඔස්සේ විල්මැන්න අභය භූමිය හරහා කිරි­ඳි­ඔ­යට නිද­හස් කිරීම.  ප්‍රේරක කලා­පයේ සංව­ර්ධන හා සංර­ක‍ෂණ කට­යුතු අන්ත­ර­ජා­තික ප්‍රති­ප­ත්තීන්ට අනු­කූ­ලව විධි­මත්ව සැල­සුම් මගින් දිගු­කා­ලී­නව ක්‍රියා­ත්මක කිරීම. ආක්‍ර­ම­ණ­ශීලී ශාක සැලසුම් සහ­ග­තව ගලවා ඉවත් කිරීම. ධීවර සමිති විධි­මත් කිරීම. අන­ව­සර ලෙස තෙත් බිම් ගොඩ කරන පුද්ග­ල­යන්ට නීති­මය ක්‍රීයා මාර්ග ගැනීම. ආදී කරුණු ගැන බල­ධා­රීන්ගේ අවධා­නය යොමු­විය යුතුය. මේවාට බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු නොවුනේ නම් ඉදිරියේ  දී බුන්දල ජාතික උද්‍යා­නය රැම්සා සම්මු­තියෙන් ඉව­ත්වීමේ අවදාන­මක් පවතී.



බුන්දල කුරුල්ලන් සදහා ප්‍රසිද්ධියක් ඉසුලුවද තවත් සතුන් එහි ජීවත් වෙයි. සිංහයන් , කොටියන් , වළසුන් වැනි මාංශ භක්ෂකයන්  නොමැති වුව ද ගොඩබිම වසන විශාල ම ක්‍ෂිරපායි සත්වයන් වන අලි 30 ක් පමණ මෙහි  වෙසෙයි.




මීට අමතරව දිවියන්, ගෝනන්, වලසුන් ආදි සතුන් ද ගොඩබිම වසන විශාලතම උරගයා වන කිඹුලන් ද  තවත් වර්ග 06 ක‍ට අයත් උරග විශේෂ 10 ක් පමණ ද බුන්දලින් වාර්තා වේ.



තවද ලංකාවේ වෙසෙන කැස්බෑවන් විශේෂ 03 ක් මේ ආශ්‍රිත මුහුදු තීරයේ  දක්නට ලැබේ.  බූන්දල‍ ජලාශ්‍රිත ප්‍රදේශවල වර්ග 06 කට අයත් මත්ස්‍ය විශේෂ 10 ක් පමණ ද වාර්තා වී ඇත.  උභය ජීවින්ද වර්ග 03 කට අයත් විශේෂ 06 ක් පමණ ද වාසය කරයි. සත්ව ප්‍රජාව අතින් ද  බූන්දල ඉතා වැදගත් වනෝද්‍යානයකි.

මෙවැනි  වනජීවි වාසස්ථාන සංරක්ෂණය කර ගැනීම අත්‍යන්ත වැදගත් කාරණයකි.වන සතුන්ගේ නිදහසට බාධා නොකර , හිරිහැර නොකර සුන්දරත්වය අත්දැකීම් ලබා ගෙන සංචාරය නිම කිරීමට වග බලා ගත යුතු ය.

මූලාශ්‍ර 

www.parliament.lk

www.greenmedia.lk

www.silumina.lk

www.bbc.com


කල්ලඩි පාලම

කල්ලඩි වෙරළ තීරය හා කල්ලඩි පාලම  සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් අපූරු සංචාරක ස්ථානයකි.  මඩකලපුවේ පෙම්වතුන්ට ප්‍රේමණීය ඉසව්වක් , වැඩිහිටියන්ට ක...